සුදු වෑන් නැවත එපා – මව්වරුන්ගේ දිනය සැමරීමට මව්වරු කොළඹට

0
74

white_van_bg-300x200විරෝධතා පෙත්සම් බාර දීම හා උදේඝෝෂණය – මැයි 10

අම්පාර හා ති‍්‍රකුණාමලය දී ඇති වූ සිද්ධි සමග පසුගිය දින කිහිපය තුළ සුදු වෑන් භීතිකාව නැවතත් හිස ඔසවන බවක් පෙනෙන්නට විය.

රාජ්‍ය ආරක්ෂාව හෝ වෙනත්  ඕනෑම හේතුවක් මත පුද්ගලයෙකු නිති්‍යාණුකූලව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබිය දී නැවතත් පැරණි ආකාරයට මනුෂ්‍ය සමාජය තුළ බිය ඇති කරමින්, ජනවාරි 08 ජනතා ජයග‍්‍රහණය ආපසු හැරවීමේ අරමුණෙන් ආරක්ෂක අංශ හෝ වෙනත් කිසියම් පාර්ශවයක් විසින් කරනු ලබන මෙම කි‍්‍රයා වහා නතර කර මීට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුව තිබේ.

ජාතික සමගිය හා සංහිදියා ගොඩනැගීමේ කි‍්‍රයාවලියට සෘජු ලෙස බලපාන නැවත ගොඩනැගෙමින් පවතින සුදු වෑන් සංස්කෘතියට විරෝධය දැක්වීමත්, එය වහා නතර කරන ලෙසත් ඉල්ලා මෙම සිද්ධීන්ට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව වහා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසට බල කරමින් හෙට දින (මැයි 10) කොළඔදි සාමකාමී විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන නිදහසේ වේදිකාව හා විදියේ විරෝධය අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව හා එක්ව සංවිධානය කරයි.