සුදු වෙන්න කියල වැල්වත්තෙන් ආලේපන ගත්ත තරුණියට වෙච්ච වැඩේ …

0
143

මෙරටට අලෙවි කෙරෙන දේවල් වල ප්‍රමිතිය ගැන රටේ පුලුල් කථාබහක් නිර්මාණය වි තිබුනේ කුස්සියේ පොල්තෙල් වල පවා ප්‍රමිතිය ගැන විශ්වාසයක් නැති තැනට කටයුතු සිදුව තිබිම නිසාය.
බල්ලෝ මරල හරි සල්ලි හම්බකරගන්න කියන න්‍යායයට ඇති තරම් ඉඩකඩ ලැබි ඇති පසුබිමක වෙළෙන්දා බලන්නේ ලාභය මිස ප්‍රමිතය නොවේ.
මේ පසුබිම යටතේ පාරිභෝගිකයාව සුරැකිම සදහා යැයි කියා ස්ථාපිත ආයතන වලින් පවා එවැන්නක් සිදුනොවන අයුරු අප දිනපතා අත්දැකිම් ලබමින් සිටින්නෙමු.
මේ අතර පසුගිය කාලය පුරාවටම ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන ගැන පුලුල් කථාබහක් සමාජය තුල මතුව තිබුන අතර ඒවායේ අඩංගු අධික රසදිය ප්‍රමාණය සැබැවින්ම සමට අහිතිකර පව ගැන නිරන්තර මාධ්‍ය වාර්තා පවා පළවන්නට විය.
තතු එසේ වුවද වෙළෙන්දා සිය උපරිම ලාබය තකා ප්‍රමිතියක් ඇතත් නැතත් ඒවා අලෙවි කරමින් සිටි.
මේ අතර අරුණ වෙබ් අඩවිය විසින් අද පළකර ඇති වාර්ථාවක සදහන් ව ඇත්තේ සිය ශරීරය සුදුවීම සඳහා වැල්ලවත්ත ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකින් ගත් ආලේපන වර්ගයක් භාවිත කිරීමෙන් සිය ශරීරය අවපැහැ ගැන්වී ස්වර්ණාභරණ සියල්ල විනාශ වූ බව සඳහන් කරමින් ගම්පහ ප්‍රදේශයේ තරුණියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අයුරු ගැනය

එම පැමිණිල්ල ඊයේ (28 වැනිදා) විභාග කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් වැල්ලවත්ත ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාර පරීක්ෂාවට ලක් කරන ලදී. ලියාපදිංචි නොකළ වෙළෙඳ නාමයක් යටතේ චීනයෙන් ආනයනය කර ඇති මෙම ආලේපන වර්ගය මෙරටදී නැවත ඇසුරුම් කරණයකට ලක් කර අලෙවි කරයි. එක් ඇසුරුමක් රුපියල් 6000 කට අලෙවි කරන අතර මෙම තරුණිය ඇසුරුම් දෙකක් මිලදී ගෙන තිබේ.

එම ආලේපන භාවිත කිරීමෙන් තමන්ට ලක්ෂ දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ ද අහිමි වූ බව තරුණිය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙයි. මෙම ආලේපන වර්ගයේ කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදිත දිනය ද සඳහන් ව නොමැත. මෙම රූපලාවන්‍යාගාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර ලියාපදිංචි නොකළ වෙළෙඳ නාම යටතේ ඇති ආලේපන වර්ග භාවිත කිරීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද එම පුවත විසින් අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් මේ ආලේපන අරඹයා වෙළෙන්දා මෙන්ම රූපලාවන්‍ය පිළිබදව නිසි වෘත්තිය අවබෝධයක් නැති බහුතරයක් දෙනා විසින් දිනපතා ප්‍රමිතියෙන් තොර දේවල් සිය පාරිභෝකියන් අතට පත්කරමින් තිබේ.

මේ ගැන බරපතලව කල්පනා කළයුතුව ඇත්තේ මේ නිසා ඔබට අහිමිවන්නේ ඒ වෙනුවෙන් වැය මුදල් පමණක් නොව මුදල් ගෙවා වුව ලබාගත නොහැකි බොහෝ දේ අහිමිවිමට නියමිතව ඇති බැවිනි
මුලාශ්‍රය – අරුණ