සුනඛයන්ට සෑදෙන භයානක ඩිස්ටෙම්පර් රෝගයට රජය මැදිහත් නොවන්නේ ඇයි ?

0
203

කැනී ඩිස්ටෙම්පර් (Canine Distemper )යනු  සුනඛයින්ට සෑදෙන බරපතල රෝගයකි. මෙම රෝගය වෛරසයක් මගින් බෝවන අතර සුනඛයාගේ කුඩා වියේ සිට මේ සඳහා එන්නත් ලබාදිය යුතුය. පසුගිය දිනවල මෙම රෝගය වැළඳුන සුනඛයන් සායන වලින් ප්‍රතිකාර ගත් අවස්තා බහුලය. මීගමුව නගරයේ සිටින අයිතිකරුවන් නොමැති  සුනඛයින්ද මෙම රෝගයට ගොදුරු වූ අවස්ථා අප දැක්කෙමු.
මේ හේතුවෙන් මීගමුව නගරයේ සිටින වීදි සුනඛයින් විශාල සංඛ්‍යාවක් මෙම රෝගයට ගොදුරු විය හැකි අතර නිවෙස් වල සිටින සුනඛයින් ටද මෙය බෝවීමේ වේගය වැඩි වනු ඇත. මේ සම්බන්ධයෙන් පසුගියදා මීගමුව මහනගර සභාවේ ප්‍රධාන පශු  වෛද්‍යවරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය පැවසූවේ රජය විසින් එන්නත් ලබාදෙන්නේ ජලභීතිකා රෝගයට පමණක් බවයි.
ජලභිතිකාවෙන් මීදීම සදහා පුද්ගලයින් ආරක්ෂා කිරීමෙ වෙනුවෙන් වූ පදනමක් මත සුනඛයින්ට එම එන්නත ලබාදෙයි. නමුත් සුනඛයින් ආරක්ෂා කිරිම වෙනුවෙන් ඩිස්ටෙම්පර් වැනි රෝගයක් සදහා රජයට වැඩපිළිවෙලක් තිබිය යුතුය. මන්ද ශ්‍රී ලංකාව
වීදි සුනඛයින් බහුල රටකි. මීගමුව ද ඒ අතින් විශේෂිතය. dognew