එහි සිටි පිරිස නගරසභා වාහනයේ නොසැලකිළිමත්කම ගැන කතාකරනු පෙනින. ඒ අතර මේ පිළිබදව නාගරික කොමසාරිස් වරයා ඇමතූ අතර වැඩ බලන සෞඛ්‍ය පරීක්ෂක ගුනරත්න මහතාවද දැනුවත් කරනලදී.
සුළු සිදුවීමක් වුවද මේ තුළින් මතුවු මනුෂ්‍යත්වය විශාල විය. මේඅය වහා ක්‍රියාත්මකවු අතර පශුවෛද්‍ය කාර්්යා ලයේ ලක්ෂ්මන් මහතා මීට මැදිහත් කරන ලදී. ඹහු තවත් නගරසභාවේ සේවක මහතකු සමග පැමිණ ප්‍රතිකාර කිරිම ආරම්භ කළේය. එම ප්‍රතිකාර මත අසාධ්‍යව සිටි සුනඛයා යහපත් අතට පත්විය. මෙය සතුටට කරුනකි. එසේම මෙය ලක්ෂ්මන් මහතාගේ උනන්දුව සහ සත්ක්‍රියාවේ ප්‍රතිපලයකි.
තමන්ගේ රාජකාරියේ සිමාව ගැන නොතකා කරනලද මෙම මැදිහත්විම රජයේ නිලධාරියෙකුට ලැබියහැකි උතුම් ක්‍රියාවක අත්දැකීමකි. ඉහතකී සියළුදෙනා එකතුවී අද කරනලද මෙම සත් ක්‍රියාවට නාගරික කොමසාරිස් වරයා , වැඩබලන සෞඛ්‍ය පරික්ෂක ගුනරත්න මහතා , විශේෂයෙන් පශු වෛද්‍ය ලක්ෂ්මන් මහතාට ද අපේ ප්‍රණාමය පුද කරසිටිමු.
සත්ගුණවත් අසල්වාසී කාන්තාවන් කිහිපදෙනෙකුගේ සත්කාරය හා රැකවරණය මැද මේ වන විටත් ඇය සුව අතට හැරෙමින් ආරක්ෂිතව සිටියත් අභ්‍යන්තර තුවාල වීමක් සිදුවී ඇතැයි යන සැකයක් තිඛේ. කෙසේ හෝ හෙට දිනය වන විට මේ අසරණිය ට යහපතක් වේවායි අපගේ පැතුමයි.
සටහන – සැම්සන් ඥානසිරි