සුනාමියෙන් ලැබුණ තට්ටු නිවාසය විකුණා සමහරු නැවතත් වැල්ලට

0
111
වැල්ලවීදිය සුනාමි කදවුර -2004 / මීපුර පුවත්පත විසින් සංවිධානය කළ සංගීත වැඩසටහනකට සහභාගී වූ දරුවන්
වැල්ලවීදිය සුනාමි කදවුර -2004 / මීපුර පුවත්පත විසින් සංවිධානය කළ සංගීත වැඩසටහනකට සහභාගී වූ දරුවන්
වැල්ලවීදිය සුනාමි කදවුර -2004 / මීපුර පුවත්පත විසින් සංවිධානය කළ සංගීත වැඩසටහනකට සහභාගී වූ දරුවන්

මීගමුවේ වෙරළාසන්නව ජීවත්වූ පවුල් 201 ක් ජීවත්වූ නිවාස 2004 වසරේදී සුනාමියෙන් විනානශ වීම හේතුවෙන් ඔවුන් මාස ගණනක් කදවුරු වල ජීවත්වූ අතර පසුව විවිධ සුබසාධන වැඩපිළිවෙලවල් හරහා මේ සියලු දෙනාටම තට්ටු නිවාස සංකීර්ණ වල නිවාස හිමි විය.
මේ වන විට ඇතැමුන් මෙම නිවාස විකුණා නැවතත් වෙරළාසන්නයට පැමිණ පදිංචි වී න්සිටින බව එම නිවාස වල ජනතාවගෙන් වාර්තා වේ. සුනාමි ව්‍යවසනයෙන් පසු සෙම්බන්ධයෙන් වරළේ සිට මීටර් 100ක් ඇතුළත පදිංචි වීම රජයෙන් තහනම් කළ අතර මෙම තීරණය අනුව සියලු දෙනාටම නිවාස ලබාදීමට අවස්ථාව සලසන ලදී. වාර්තා වන තොරතුරු අනුව නිවාස ක්‍රම ක්‍රමයෙන් විකුණා නැවතත් වෙරළට පැමිණිම නීති විරෝධී මෙන්ම දූරදර්ශී ක්‍රියාවක් නොවන අතර අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ තිඛේ. මෙම ගැටළුව හා මෙම නිවාසපුර වල සිදුවන සමාජවිරෝධී ක්‍රියා පිළිබදව ් පසුගිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී දොන්බොස්කෝ ආයතනයේ සභාපති පියතුමන් විසින් මතුකර සිටිනු ලදී. නමුත් මේ වනතෙක් පොලීසිය හෝ වෙනත් ආයතනයක් මේ සම්බන්ධයෙන් ක්‍රික්යාත්මක වූ බවක් නම් දැනගන්නට නොමැත.

සබැදි පුවත්