සෑම දෙයක්ම ඇති මීගමුව නම් සුපිරි නගරයේ වසර ගණනාවක් තිස්සේ මහත් අඩුපාඩුවක්ව පැවැති, නව තාක්ෂණයෙන් සමන්විත සිනමා ශාලාවක්, මීගමුවේ සිනමා ප්‍රෙක්ෂක ජනතාවට මේ වන විට හිමිව තිබේ. මේ ඒ පිළිබඳව තැබෙන සටහනකි.
මීගමුව , ශාන්ත ජෝසප් පීදියේ, ආර්පිකෝ සුපිරි වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති ක්‍රිස්ටෝපර් මාවතේ පිහිටි අප කවුරුත් හොඳින් දන්නා පැරණි ඇන්ඩෲ සිනමා ශාලාව මේ වන විට නවීකරණය කරමින් නව තාක්ෂණික අංග වලින් සමන්විත සුපිරි සිනමා ශාලාවක් ලෙස ගොඩනගා ” ඇක්වා ලයිටි” සිනමා ශාලාව ලෙස මේ නම් කර තිබේ. මෙලෙස මේ නව සිනමා ශාලාව විවෘත කර මේ වන විට මාස 10 ක පමණ කාලයක් ගෙවී ගොස් තිබෙන අතර මීගමු ප්‍රදේශය සහ ඒ අවට සිටින බොහෝ සිනමා ප්‍රේක්ෂක ජනතාව අතර ඇක්වා ලයිට් සිනමා ශාලාව මේ වන විටත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.
” මුවී වර්ක්” පුද්ගලික ආයතනය (Movie Work Private Ltd) මෙලෙස මෙම ස්ථානයේ පිහිටි පැරණි ඇන්ඩෲ සිනමා හල අද කාලෙට ඔබින සියලුම නවීන තාක්ෂණික අංග උපාංග වලින් සමන්විතව සහ සුඛෝපභෝගි ලෙස මෙම සිනමා ශාලාව ස්ථාපිත කරමින් වර්තමානයට සේම අනාගතයටද ගැලපෙන ආකාරයට අති උසස් සිනමා රසාස්වාදනයක් සිනමා ප්‍රේක්ෂක ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම සිනමා ශාලාව නවීකරණය කර ඇත. ඒ අනුව කොළඹ අගනුවරට පමණක් සීමා වී තිබූ නව තාක්ෂණික අංගවලින් සමන්විත, සුඛෝපභෝගී සිනමා ශාලා අත්දැකීම අගනුවරින් පිට නගර වල සහ ඒ අවට ගම් දනව්වල වෙසෙන සිනමා ප්‍රේක්ෂක ජනතාව වෙතද හඳුන්වා දෙමින් මුවී වර්ක් පුද්ගලික ආයතනය මෙලෙස මෙරට තවත් ප්‍රදේශ කිහිපයක මේ ආකාරයේ නව තාක්ෂණික අංගවලින් සහ සුඛෝපභා්ගී ලෙස නවීකරණය කල සිනමා ශාලා කිහිපයක්ම ස්ථාපිත කර තිබේ. ” ලයිට් සිනමා ” ලෙස නම් කර ඇති තවත් මෙවැනිම සිනමා ශාලා කිහිපයක්ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ. මහරගම- එමිටි ලයිට්, මොරටුව- මැක්ස් ලයිට් , මාතර- ස්කයි ලයිටි, සහ අවිස්සාවේල්ල – වොකස් ලයිට් ඇතුළු තවත් සිනමා ශාලා කිහිපයක්ම මෙම ආයතනය මගින් ක්‍රියාත්මක වෙමින් පවතී.
මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාව සම්පූර්ණයෙන්ම වායුසමනය කර ඇති අතර අසුන් ගැනීමට දියුණු සිනමා ශාලාවල භාවිත කරන සුවපහසු ආසන ස්ථාපිත කර ඇත.ඒ අනුව ඕ.ඩී.සී. ආසන 195 ක් සහ බොක්ස් ආසන 58 ක් මෙම සිනමා ශාලාව තුළ මේ වන විට ස්ථාපිත කර ඇත. එලෙසම සිනමා ශාලාව තුළ නිර්මාණය කර ඇති මඳ ආලෝක විදුලි බුබුළු රටාව විඩාබර දෙනෙතට අස්වැසිල්ලක් ගෙන දේ. සාමාන්‍යයෙන් අප මීට ඉහතදී සාම්ප්‍රදායික සිනමා ශාලාවකදී සිනමා කෘතියක් බොහෝවිට නරඹා ඇත්තේ ඊ- සිනමා සම්ප්‍රේෂණ යන්ත්‍ර මගිනි. එම සම්ප්‍රේෂණ යන්ත්‍ර මගින් සිනමා කෘතියක් නැරඹුවත් එම දසුන් තත්ත්වයෙන් උසස් ලෙස පැහැදිලි දසුන් නොවීය.එහෙත් මේ වන විට ලෝකයේ දියුණු සිනමා තාක්ෂණය වන ” ටු- කේ ” හෙවත් ලේසර් ප්‍රොජෙක්ෂන් නොහොත් ලේසර් තාක්ෂණය උපයෝගී කරගත් ජපන් සම්ප්‍රේෂණ තාක්ෂණය මේ වන විට මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාව තුළ ස්ථාපිත කර තිබේ. මේ නිසාම සිනමා කෘතියක් නැරඹීමේදී එහි ඇති සියලු දසුන් සියයට සීයක් තත්ත්වයෙන් උසස් සුපැහැදිලි දසුන් වේ. මේ නව ලේසර් තාක්ෂණයෙන් සමන්විත ” ටු-කේ සම්ප්‍රේෂණ යන්ත්‍රය නිසාම මේ වන විට ලොව පුරා සිනමා රසිකයන් අතර ජනප්‍රිය වී ඇති ත්‍රී-ඩී හෙවත් ත්‍රිමාන තාක්ෂණයෙන් නිර්මාණය වන සිනමා නිර්මාණ ද මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාව තුල නැරඹීමට දැන් හැකියාව ඇත.
එමෙන්ම මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාව තුළ සිනමා කෘතියක් නැරඹීමේදී නෙතට උසස් තත්වයේ පැහැදිලි දසුන් සේම සවානට පැහැදිලියි නව ශබ්ද රටාවක්ද නිර්මාණය කර තිබේ.මීට ඉහතදී නම් සාම්ප්‍රදායික සිනමා ශාලාවන් තුළ තිරය පිටුපස සවිකර ඇති බපල්ස් කිහිපයකින් හෝ ස්පීකර්ස් කිහිපයක් හරහා එහි ශබ්ද රටාව නිර්මාණය වී තිබිණි. එහෙත් මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාව තුළ භාවිතා කර ඇත්තේ නවීන තාක්ෂණයෙන් යුත්
” ඩොල්බි 7.1 ස්රවුන්ඩඩ්'” නම් නව ශබ්ද රටා ක්‍රමවේදයයි. සිනමා කෘතියක් රසවිඳීමේදී සෑම සියලු සියුම් හඬක් පවා ඉතාම සුපැහැදිලි ලෙස සවනට මුසුවන ආකාරයට මෙම නව ශබ්ද රටාව සිනමා ශාලාව තුළ ස්ථාපිත කර තිබේ. මේ අනුව මේ නම තාක්ෂණික අංග සියල්ලම පාහේ පරිගණක ගත කර ඇති අතර, ඒ සියලුම තාක්ෂණ අංගෝපාංග පරිගණකය මගින් මෙහෙයවීම සිදුවේ. මෙලෙස ගත් කල මේ සියලු හේතු සාධක නිසාම මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාව තුළ සිනමා කෘතියක් නැරඹීමේදී සුපැහැදිලි පුළුල් තිරය තුළ තත්ත්වයන් උසස් පැහැදිලි දසුන් සේම , සවනට ගෝචර සුපැහැදිලි ශබ්ද රටාව නිසාද සිනමා ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් සේම වින්දනීය රසාස්වාදයක්ද ගෙන දෙනු නොඅනුමානය.
මීගමුව , ඇක්වා ලයිට් සිනමා හල තුලන් සිනමා ප්‍රේක්ෂකයන්ට ලැබෙන වෙනත් සේවා සහ පහසුකම් පිළිබඳව එහි කළමනාකරු පී. මෝගේනද්‍රන් මහතා පවසන්නේ චිත්‍රපටයක් නැරඹීමේදී ප්‍රේක්ෂක ජනතාවට ලබා දිය හැකි හොඳම සහ උසස් සේවාවක් සැපයීමට තමා හා තම කාර්ය මණ්ඩලය බැඳී සිටින බවයි.
” මේ හෝල් එක අලුත් ටෙක්නොලොජි එක අනුව තමයි සෑම දෙයක්ම අලුතින් හදලා තියෙන්නේ. මේ හෝල් එකෙන් චිත්‍රපටයක් නරඹද්දී ,ඒ නරඹන කෙනාට හැම දේකින්ම අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. අපි මේ හෝල් එකේ සිංහල ඉංග්‍රීසි දෙමළ හින්දි මලයාලම් සහ තෙලිඟු වගේ චිත්‍රපටි පෙන්වනවා. සෑම සතියකම සිකුරදා දවසේ අපි අලුත් චිත්‍රපටියක් මේ හෝල් එකට දානවා. සාමාන්‍යයෙන් සතියේ දවස්වල සහ සති අන්ත දවස්වල උදේ 10.30 ට තමයි අපි පළවෙනි ෂෝ එක පටන් ගන්නේ .ඊට පස්සේ දවල් 12 .00 ට හෝ 1.00 ට, සවස 3.00. ට ඊළඟට සවස 5.00 ට, රාත්‍රී 7.00 ට අවසානයේ රාත්‍රී 10.00 හෝ 10.30 ට. මේ විදිහට තමයි අපේ ෂෝ ටයිම් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ත්‍රී-ඩී චිත්‍රපටි පෙන්වද්දී ඒ ත්‍රී- ඩී ,අයි ග්ලාසස් අපි මෙහෙන් ලබාදෙනවා.”
මීගමුව ඇක්වලයිට් සිනමා ශාලාව තුළ මේ වන විට විවෘත වී ඇති “බර්ගර් හට්” තුළින් චිත්‍රපටයක් නැරඹීමට පැමිණි අයෙකුට අවශ්‍ය කෙටි කෑම වර්ග මිලදී ගැනීමටද හැකියාව තිබේ. බොහෝ විට සාම්ප්‍රදායික චිත්‍රපට ශාලා තුළ දැකිය නොහැකි ලෙස එවෙලේම පිළියෙල කරදෙන හොට් ඩෝර්ග් සහ බර්ගර් වර්ග කිහිපයක්ම රුපියල් 200 /= සිට අඩු මිල ගණන් යටතේ බර්ගර් හට් වෙතින් මිලදී ගැනීමට හැකිය. එලෙසම බර්ගර් හට් වෙතින් කෝලා බීම ඇතුළු සිසිල් බීම වර්ගද එලෙසම එවලේම පිළියෙල කරදෙන අයිස් මයිලෝ ද ඔබට රිසිසේ මිලදී ගත හැකිය.
එලෙසම ප්‍රිය කරන චිත්‍රපටයක් නැරඹීම සඳහා කලින්ම අන්තර්ජාලය
( on line ) හරහා ටිකට් පත් වෙන්කරවා ගැනීමට ද ,මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාව තුලින් මේ වන විට පහසුකම් සලසා දී තිබේ.
එසේ නම් ඔබත් මීගමුව සහ මීගමු අවට ප්‍රදේශයක වෙසෙන චිත්‍රපට වලට ප්‍රිය කරන අයෙකු නම් වායුසමනය කළ ,නව තාක්ෂණික ක්‍රමවේද මුසුකරමින් නවීකරණය කර ඇති මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාවට පැමිණ සිනමා කෘතියක උපරිම රසාස්වාදය සහ නවමු සිනමා අත්දැකීමක් විඳගන්නට මෙලෙස ආරාධනා කර සිටිමු.
කලින් ටිකට් පත් වෙන්කරවා ගැනීමටත්, චිත්‍රපට පිළිබඳව විස්තර දැන ගැනීමටත් අමතන්න.
දුරකථන අංක.,-
031 2121 345
070 473 2113
online websites
www.litecinemas.lk