“සුපුවත් අරණේ” පියතුමන්ගේ මැදිහත්විමෙන් රෝහල් 34කට ICU BED 157ක්..

0
609

රුපියල් කෝටි 100කට වඩා වටිනා අති නවීන දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් 157ක්. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික පවුලක් විසින් ශ්‍රී ලංකා රජයට  පරිත්‍යාග කරන ලදී.

සීදූව සුපුවත් අරණ හි අධ්‍යක්ෂ සහ නිර්මාතෘ ඩැරල් පියතුමන්ගේ මැදිහත්ව මත මෙම ඇදන් පරිත්‍යාගය සිදුව තිබේ

මෙම පරිත්‍යාග උත්සවය පසුගිය  (21) දා වැලිසර කොළඹ ලොජිස්ටික් ටර්මිනල්ස් (පුද්ගලික) සමාගමේදී සිදු විය.

මීගමුව, රාගම ශික්ෂණ රෝහල, හලාවත, පුත්තලම, සීදූව, ගම්පහ, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල ඇතුළු රෝහල් 34ක් පුරා මෙම ඇඳන් 157 බෙදා හැරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැනඩාවේ වෙසෙන පැට්‍රික් නිල්කමල් ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඉතා අවශ්‍ය පරිත්‍යාග කිරීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

මුලාශ්‍රය සහ ඡායාරූප .- dailymirror