සුමන හික්ෂුවගේ ආගමික ත්‍රස්තවාදය සහ අගමැතිගේ නත්තල් පණිවිඩය !

0
87

සුගන-හිමිගේ-තර්ජන-ආගම්වාදී ත්‍රස්තවාදය නමැති අඳුර දුරුකොට අපේ මාතෘ භූමියට ආරක්ෂාවත්, සාමයත් ගෙන දීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඇප කැපවී සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ නත්තල් පණිවුඩය නිකුත් කරමින් කියා සිටී.

එම නත්තල් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සනිටුහන් කරන නත්තල් උත්සවය සමරන සියලුම ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ට මම මාගේ උණුසුම් සුබාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි. අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා නත්තල් උත්සවය ගැන වරක් පවසා සිටියේ, එය පාපය හා අකීකරුකම තුළින් මානව වර්ගයාට නැතිවී තිබුණු ගෞරවාන්විත තත්ත්වය නැවත ලබාදීම සඳහා මනුෂ්‍යයකු හැටියට පහල වූ දේව පුත්‍රයාණන් වහන්සේ පෙරදැරි කරගත් භක්තියේ මංගල්‍යයක් හැටියටය.

රටේ අගමැතිවරයා නත්තල එසේ කියද්දි මඩකලපුවේ අංගම්මන සුමන නැමැති හික්ෂුව   පසුගිය දිනක මඩකලපුවේදි පැහැදිලි ලෙස ආගමික ත්‍රස්තවාදයක් දියත් කොට තිබුණි.
එහෙදි මේ භික්ෂුව ඉතා පැහැදිලි මේ ක්‍රියාත්මක කොට තිබුනේ ආගමික ත්‍රස්තවාදයකි. ඒ පළාතට නත්තල ගැන කියන්නට එන්නට එපා යැයිද කිතුණු පූජකවරයෙකුට ඇගිල්ල දිගු කරමින් තර්ජනය කොට තිබුණි.
එහෙත් අංගම්මන සුමනලා වැනි චිවරධාරි ත්‍රස්තයන්ට එරෙහිව කවියෙකුට එරෙහිවත් ක්‍රියාත්මක වු නිතීයද නිහඩය.
මුස්ලිම් අන්තවාදය ගැන  කථා කියන කාර්දිනල් හිමිද සුමනලාගේ මේ ආගමික ත්‍රස්තවාදය ගැන මීක් කියන්නේ නැත.