සුරතලියගේ අවමංගල්‍යය පැවැත්වූ යෞවන දේශපාලනඥයා

0
1114

අද සුරතල් සතුන්ගේ සංගමයේ  මුහුණු  පොතේ  පළවී තිබුණ පුවත කා තුළත් අනුවේදනීය හැගීමක් ඇතිකර තිබුණි.
තමන් සමග ආදරයෙන් බැඳී සිටි සුනඛ මිතුරිය මිෂෙල්ගේ වියෝව ගැන කම්පනයෙන් යුතුව ඇයගේ  මියගිය ශරීරය අලංකාරව සරසා මිහිදන් කිරීමට ඔහු විසින් සූදානම් කොට තිබුණි. මේ තරුණයා ශ්‍රීලංකා යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අගමැතිධූරය දරන මලිත් සුදුසිංහන මහතායි.19665104_10209502349137027_405057191835139800_n
පහත පළවන්නේ ඔහු මිෂෙල් ගැන තැබූ සටහනයි
මිෂෙල්ව මම ගෙනාවේ මම ඒ ලෙවල් කරන කාලේ. එතකොට මිෂෙල්ට වයස මාස 2 යි. හැමදාම මගේ කාමරේ මගේ ඇද ලග තමයි ඉන්නේ. මනුස්සයෙක්ගෙ වගේ ගති පැවතුම් තිබුනේ මිෂෙල්ට. අවුරුදු 7 ලබන්නේ මේ නොවැම්බර් 20 ට. ඒත් එකපාරම කිසිම කෑමක් කන්නේ නැති උනා. බ්ලඩ් ටෙස්ට් කරලා බලද්දි කිඩ්නි දෙකම ඩැමේජ් වෙලා. ඒකට කිසිම බෙහෙතක් නෑ. දවස් තුනක් විතර විදෙව්වා , වමනේ දැම්මා. මම මගේ අත් දෙකෙන්මයි කැත කුණු හැමදේම අයින් කලේ. කවදාවත් දම්වැල් දාලා හැදුවේ නෑ මිෂෙල්ව එයා නිදහසේමයි හිටියේ කුඩු කලේ නෑ. ජීවත් වෙලා ඉද්දිත් ලෙඩ උනාට පස්සෙත් මිෂෙල්ට මනුස්සයෙක්ට වගේම අපි සැලකුවා. අවසන් කටයුතුත් ඒ ආකාරයටම
කරනවා අද හවස පාංශකූලයක් පූජා කරලා. මිෂෙල් අපිව දාලා ගිය එක ඉවසගන්න පුලුවන් දුකක් නෙවෙයි,ඒත් එයා ගොඩක් වාසනාවන්ත ජීවිතයක් ගතකලා. මගේ එකම පැතුම මිෂෙල් මගේ දරුවෙක් වෙලා මගේ ලගට එන්න කියන එක.ananda12ඡායාරූප  උපුටා ගැනීම –https://www.facebook.com/maliths

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here