අද සුරතල් සතුන්ගේ සංගමයේ මුහුණු පොතේ පළවී තිබුණ පුවත කා තුළත් අනුවේදනීය හැගීමක් ඇතිකර තිබුණි.
තමන් සමග ආදරයෙන් බැඳී සිටි සුනඛ මිතුරිය මිෂෙල්ගේ වියෝව ගැන කම්පනයෙන් යුතුව ඇයගේ මියගිය ශරීරය අලංකාරව සරසා මිහිදන් කිරීමට ඔහු විසින් සූදානම් කොට තිබුණි. මේ තරුණයා ශ්‍රීලංකා යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අගමැතිධූරය දරන මලිත් සුදුසිංහන මහතායි.
පහත පළවන්නේ ඔහු මිෂෙල් ගැන තැබූ සටහනයි
මිෂෙල්ව මම ගෙනාවේ මම ඒ ලෙවල් කරන කාලේ. එතකොට මිෂෙල්ට වයස මාස 2 යි. හැමදාම මගේ කාමරේ මගේ ඇද ලග තමයි ඉන්නේ. මනුස්සයෙක්ගෙ වගේ ගති පැවතුම් තිබුනේ මිෂෙල්ට. අවුරුදු 7 ලබන්නේ මේ නොවැම්බර් 20 ට. ඒත් එකපාරම කිසිම කෑමක් කන්නේ නැති උනා. බ්ලඩ් ටෙස්ට් කරලා බලද්දි කිඩ්නි දෙකම ඩැමේජ් වෙලා. ඒකට කිසිම බෙහෙතක් නෑ. දවස් තුනක් විතර විදෙව්වා , වමනේ දැම්මා. මම මගේ අත් දෙකෙන්මයි කැත කුණු හැමදේම අයින් කලේ. කවදාවත් දම්වැල් දාලා හැදුවේ නෑ මිෂෙල්ව එයා නිදහසේමයි හිටියේ කුඩු කලේ නෑ. ජීවත් වෙලා ඉද්දිත් ලෙඩ උනාට පස්සෙත් මිෂෙල්ට මනුස්සයෙක්ට වගේම අපි සැලකුවා. අවසන් කටයුතුත් ඒ ආකාරයටම
කරනවා අද හවස පාංශකූලයක් පූජා කරලා. මිෂෙල් අපිව දාලා ගිය එක ඉවසගන්න පුලුවන් දුකක් නෙවෙයි,ඒත් එයා ගොඩක් වාසනාවන්ත ජීවිතයක් ගතකලා. මගේ එකම පැතුම මිෂෙල් මගේ දරුවෙක් වෙලා මගේ ලගට එන්න කියන එක.