සුරාබදු නිළධාරින්ගේ උපක්‍රමික සැලැස්ම නිසා ඇමති ලංසාගේ ඥාතියා කොටුවුන හැටි

0
193

wiskyනීති විරෝධි ලෙසින් ප්‍රවාහනය කරමින් තිබු විස්කි බෝතල් 44 ක් පසුගිය දිනක මීගමුව සුරාබදු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ විදේශ මත්පැන් තොගය සමගින් අත්අඩංගුවට පත්ව තිබුනේ යහපාලන රජයේ ඇමතිවරයෙකු වු නිමල් ලංසා මහතාගේ ඥාාතියෙකි.
මේ තැනැත්තාව අත්අඩංගුවට ගත් මොහොතේ වහාම උපක්‍රමශිලිව ක්‍රියාත්මකව ඇති සුරාබදු නිලධාරින් ඔහු අත තිබු ජංගම දුරකථන ඔවුන් ගේ භාරයට ගෙන තිබුනේ ඒවා භාවිතා කරමින් ඉන් මිදියාම සදහා දේශපාලන හෝ වෙනයම් සම්බන්ධකම් යොදාගැනිමට ඇති ඉඩකඩ අහුරාලනු පිණිසය.මෙ නිසා ඇමති නිමල් ලංසාට හෝ ඔහුටත් වඩා බලගතු ඔහුගේ පියාට හෝ කිසිවයක් කරගන්නට ඉඩක් නොතබාම සුරාබදු නිළධාරින් අදාල පුද්ගලයාව නිතිය හමුවට පමුණුවන ලදි.
මේ පසුබිම යටතේ මෑත ඉතිහාසයේ පළමු වතාවට ඇමති ඥාතියෙකු මෙවන් දඩුමක් හිමිකරදිමට හැකිව තිබුනේ සුරාබදු නිළධාරින්ගේ නිර්භිත සහ උපක්‍රමශිලි මෙහෙයුම නිසාවෙනි.
එවන් නිළධාරින් මීගමුවට වැඩි වැඩියෙන් අවැසිව තිබේ.