සුරා බදු නිළධාරින්ගේ වෙඩිවරුෂාවක් මැද පැන ගිය රථය කාගේද?

0
90

GUn

පෙරේදා මැදියම් රැයේ  මීගමුව රෝහල ඉදිරිපිට එකවරම වෙඩිවරුෂාවක් පත්තුවෙන්නට විය. ඒ සුරාබදු නිළධාරින් විසින් ලුහුබැද ආ කසිප්පු පැටවු මෝටර් රථයක් නවතාලිම සදහාය.
ත්‍රාසජනක කෙටි චිත්‍රපටයක් බදුවු මේ සිදුවිම සැකෙවින් මෙසේය.
මීගමුවේ සුරාබදු කාර්යාලයේ නිළධාරින් හට ලැබුණ ඔත්තුවක් මත වෙන්නපුව ප්‍රදේශයේ සිට කසිප්පු පටවාගෙන එන මෝටර් රථයක්  එනතෙක් සුරාබදු නිළධාරින් විසින් කොප්පරා හංදියේදි රැක සිටියේය.
කසිප්පු පැටවු රථය කොප්පර හංදිය පසුකරනවාත් සමගින් සුරාබදු නිලධාරින් විසින් රථය ලුහුබැද යාම පටන් ගෙන තිබුණි.
වේගයෙන් ඉදිරියට ඇදුන කසිප්පු රථය 18 කණුව දෙසට ගොස් එතනින් ආපසු හරවා මිගමුව දෙසට ධාවනය කරන්නට විය.
පසුපසින් හඹා ගිය සුරාබදු නිළධාරින් හට කසිප්පු රථය කොටුවුයේ මිගමු රෝහල ඉදිරිපිටදිය.
ක්ෂණිකව ක්‍රියාත්මක වු සුරාබදු නිළධාරින් විසින් වෙඩි පිට වෙඩි තැබුවද කසිප්පු රථය වෙඩි මැද ඉදිරියට ඇදෙන්න විය.
TI කරිනා වර්ගයට අයත් සුදුපාට මේ මෝටර් රථය බෝලවත්ත ප්‍රදේශයේ එකක් බවට දැනගන්නට ඇත.
මෙසේ පලාගිය රථයේ හිමිකරු කව්ද යන්න පිළිබදව  පුලුල් පරික්ෂණයක් දැන් ක්‍රියාත්මකය.
සුරාබදු ප්‍රධාන කාර්යාලයේ විශේෂ අපරාධ ඒකකය විසින් මේ විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙන අතර බන්ධනාගාර කොමසාරිස්වරාගේ විශේෂ අධික්ෂණය යටතේ මෙහෙයුම් දිගටම සිදුකෙරෙමින් තිබේ.
මේ ඒකකය විසින් මිගමුව අවට සුරා බදු වැටලිම් කීපයක්ම සිදුකිරිමට පියවර ගෙන තිබුණි.