හිටපු ප්‍රා.සභාපති සුසන්ත මෛත්‍රී පිළෙන් කැපිලා ද ?

0
961

පසුගියදා  ලුණුවිල සිරිගම්පල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේදී මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා පැවැත්වූ බෝධිපූජාව කරට ගෙන සංවිධානය කර තිබුණේ හිටපු ප්‍රා.සභාපති වික්ටර් සුසන්ත පෙරේරා සහ පා.මන්ත්‍රී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකි. මෙම උත්සවයේ කැපී පෙනේනනට සිටි කිහිපදෙ නා අතර සුසන්ත පෙරේරා වඩාත් කැපී පෙනුනේ තවත් එක් පුද්ගලයෙකුගේ අඩුවක්ද තිබූ නිසා විය හැක. එනම්  වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂගේ අඩුවයි. ඔහුද පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂවාදියෙකු වූ අතර මෙදින සහභාගී වී නොතිබීම විශේෂත්වයකි. එයට හේතුව සිය පළාත් සභා අමාත්‍යධූරය ආරක්ෂාකරගැනීම මිස ඔහු මහින්ද විරෝධියෙකුවීමම නොවන බව දන්නෝ දනිති. කෙසේ වුවත් පළාත් සභා මන්ත්‍රී ට්‍රෙවින් ප්‍රනාන්දු මහතා ද මෙයට සහභාගී වී සිටියේය.  හිටපු ප්‍රාෙද්ශීය සභාපති සුසන්ත පෙරේරා හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ ඥාති පුත්‍රෙයෙකි. දේශපාලනයට පැමිණීයේද එම ඥාතිකම සිය ශක්තියක් කරගනිමින් වූ අතර පසුගිය කාලයේ දේශපාලනයේ නිරත වූයේද  සම්බන්ධතා පෙරදැරිකරගෙනය. පසුගිය මැයි දිනයේදී මිල්රෝයි ප්‍රනාන්දු තනිවම මෙත්‍රී පිළත් සමග පෙළපාලියට ගිය අතර ඔහු සමග සිටියේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු පුත්තලම් දිස්ත්‍රික්කයේ  දේශපාලකයන් පිරිසකි. සනත් නිශාන්ත, ඇතුළු වෙන්නප්පුව ප්‍රා.සභාවේ වැඩිපිරිිසක් මන්ත්‍රීවරුන් මහින්දගේ මැයි රැළියට එක්වූහ. හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ සහය සහ ආශිර්වාදය මෛත්‍රී පිළට ලැබී අැති තත්ත්වයක සුසන්ත පෙරේරා මහින්ද රාජපක්ෂ සිය ඉදිරි දේශපාලන නායකයා ලෙසට තෝරාගෙන තිබේ. නැතිනම්  මේ හිටපු ප්‍රාෙද්ශී්‍ය සභාපති සුසන්ත පෙරේරා මහින්ද රාජපක්ෂයට සෙත්පැතීමට මේ තරම්  උන්නදුවන්නේ කුමකට ද? සුසන්ත පෙරේරාගේ පාලන කාලයේ වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව විසින් කරන ලද මූළ්‍ය වංචා පිළිබඳව විමර්ශන කටයුතු ද පවතින අතර  ඔහු නැවත වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවට තරග කිරීම නොකිරීමට ඉඩ ඇත. ඔහුගේ ඊලග ඉලක්කය පළාත් සභාව වන  අතර ඒ වෙනුවෙන් වන අඩිතාලම සකසා ගැනීමට ඔහු සැරසෙනවාද ? කෙසේ වුවත් මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ වෙන්නප්පුව ප්‍රා.සභාව තුළ කිසිදු විනිවිදභාවයකින් කටයුතු නොකල සුසන්ත පෙරේරා තමන්ගේ ස්වාමියාට තවමත් සෙනෙහස දක්වන්නේ ඇයි ද යන්න ඉදිරියේදී බලාගතහැකි වනු ඇත.13697041_633903093433616_5821923945069770724_n13627243_166366817114053_5935269697651469744_n13782134_1070071333047429_6298892287251226485_n13507050_624634477693811_2916087473538976787_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here