සුසාන භුමියේ ගොඩනැගිල්ලක දොර ජනෙල් සොරකම් කළ නගර සභා සේවකයා කොටුවෙයි !

0
65

90_big(10.30  pm )මීගමුව මහනගර සභාව විසින් පාලනය කරනු ලබන මඤ්ඤොක්කා හේන සුසාන භුමියේ පැරණි ගොඩනැගිල්ලක දැව නිමැවුම් කිපයක් මීගමුව මහනගර සභාවේ සේවකයෙකු විසින් සොරකම් කොට ඇති අතර ඒවා පටවාගෙන ගොස් කිසියම් ස්ථානයක රදවා තිබියදි නගර සභාවේ සේවකයන් විසින් දෙන ලද ඔත්තුවකට අනුව ඒවා යළිත් ලබාගැනිමට හැකිව ඇති බව සැලය.
කව්රුන් කරත් හොරකම් හොරකමමය.
එහෙත් මිගමුව මහනගර සභාවේ ඉහල සුපිරි නිලයන්ගේ ම සිට හොරකම් කිරිම අද විලාසිතාව බවට පත්ව ඇති යුගයක ලොක්කා මෙන්ම පොඩ්ඩෝද ඒකි විලාසිතාවන් බයක් සැකක් නැතිවම අනුගමනය කරති.
එසේ බයක් නැතිව හොරකම් කරන්නට හැකිව ඇත්තේ දේශාපාලන  අධිකාරියට අත්ඔසවා එහෙයි කියන්න සැදි පැහැදි සිටින පරිපාලන අධිකාරියක් තිබිම මිගමුවේ බදු ගෙවන ජනයාගේ සෑබෑ කරුමය වි තිබේ.