සුහද හමුවකට කඩන් පැන්න පොලිසියට දස දෙසින් විරෝධය..

0
88

පසුගිය දෙසැම්බර් 3 වන දා මීගමුව කුරණ ලැගුන් විව් හෝටලයේ ආසියාතික රටවල් කිපයක ක්‍රියාධරයන්ගේද සහභාගිත්වයෙන් පැවැති සුහද හමුකට පැමිණ සිටි පිරිස් වලට නිවෙස් වලට යාමට නොදි මහමග රැදි සිට අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් සිදුකල බාධාව පිලිබදව මේ වන විට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ගණනගේ අවධානයට පත්ව ඇතැයි වාර්ථා වේ.

අප විසින් පසුගිය දිනක සවිස්තරව වාර්ථා කර තිබුන මෙම සිදුවිම ගැන මේ වන විට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලියේ අදාල සියළු අංශ වෙත පැමිණිලි කිරිමට දැනටමත් පියවර ගෙන ඇතැයි මේ ගැන අප කළ විමසුමකට පිලිතුරු දුන් අතුරැදහන් කිරිම් වලට එරෙහි ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රකාශිකාවක් පවසා සිටියාය.

ලොක්කන්ගෙන් හොද නම ගැනිම සදහා සුහුද හමුවක ප්‍රදර්ශනය කරන ලද වාර්තාමය විඩියෝ වැඩසටහනක තිබුණු ජනාධිපති වරයාගේ කථාව මීගමුවේ ඇතැම් දේශපාලකයන් කලබලයට පත්ව  අදාල ඉහල තැන් වෙත වාර්ථා කිරිම දක්වා  දුර ගියේය.

එයට ප්‍රතිචාර දැක්වු  අදාල ලොක්කන්ගේ උපදෙස් පිළිපදින්නට ගිය මීගමුව පොලිසිය නැවතුනේ වයෝවෘද්ධ මව්වරුන්ට පවා පවා ගෙදර යන්නට  නොදි රදවා තබාගෙනය.එපමණක් නොව කොළඹ සිට පැමිණෙමින් සිටි සිය කුඩා දරුවා ගෙනඑන්නට නිසි වේලාවට යන්නට ඉඩ නොදෙන්නට තරම් ද පියවර ගෙන තිබුණි.

මේ සියළු දෑ දැන් එලෙසින්ම ලෝකයාට වාර්ථා වෙමින් තිබේ.

ලොක්කන්ගෙන් හොද නම ගන්නට කේලම් කි වන්දිභට්ටයන් පැත්තකය. එහෙත් මේ කටයුත්තට මැදිව සිටින පොලිස් නිළධාරින් දැන් තැති ගෙන ඇත්ෙත් තමන්ට ප්‍රශ්ණ මතුවන්නට නියමිතව ඇති බව දන්නා නිසාය.