සුහුරු පන්ති කාමරයේ ටැබ් හොරකම් කළ අය අත්අඩංගුවට …

0
430

IMG 20220315 WA0010IMG 20220315 WA0019කොටදෙණියාව බාදුරාගොඩ ප්‍රදේශයේ පාසලක පරිගණක විද්‍යාගාරය කඩා රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා ටැබ් පරිගණක 8 සහ තවත් භාණ්ඩ සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනෙකු කොටදෙනියාව පොලිසිය පැය 72ක මෙහෙයුමකින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව කොටදෙනියාව පොලීසිය පවසයි .
රජයේ සුහුරු පන්ති කාමර ව්‍යාපෘතියට අනුව රුපියල් ලක්ෂ 4 කට ආසන්න ටැබ් පරිගණක මෙම පාසලට ලැබී ඇති අතර පසුගිය පාසල් නිවාඩු කාලයේ අතරතුර සැකකරුවන් දෙදෙනා විසින් විද්‍යාගාරයේ වහලය සිදුරු කරගෙන අවස්ථා දෙකකදී මෙම ටැබ් පරිගණක සහ සබ් වූපර් යන්ත්‍රයක් සහ , මෙම පරිගණක සඳහා භාවිතා කරන චර්ජර් ද සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි .

IMG 20220315 WA0015IMG 20220315 WA0013IMG 20220315 WA0014
පාසල ආරම්භ වීමෙන් පසුව විද්‍යාගාරයේ දොර අංශ භාර ගුරුවරයා විසින් විවෘත කිරීමේ දී විද්‍යාගාරයේ ටැබ් පරිගණක සොරා ගෙන ඇති බව දක්නට ලැබී ඇති අතර ඒ සම්බන්ධව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව කොටදෙණියාව පොලිසිය වෙත පැමිණිලි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත .
ඒ අනුව පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර පොලීසිය විසින් ප්‍රදේශය අවට පරිගනක අලුත් වැඩියාකරන ස්ථාන දැනුවත් කර ඇති ඇත.
මේ අනුව මීරිගම ප්‍රදේශයේ පරිගනක අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් සැකකටයුතු ටැබ් පරිගණකයක් අලුත්වැඩියා කර ගැනීමට කිසියම් පුද්ගලයෙක් පැමිණ ඇති බවට දුරකථන ඇමතුමක් ලැබී ඇත .
වහා ක්‍රියාත්මක වූ පොලිසිය මීරිගම ප්‍රදේශයේ පිහිටි පරිගණක අළුත්වැඩියා මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එහිදී ටැබ් පරිගණකය ගෙනා පුද්ගලයාගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී එම පුද්ගලයා පවසා ඇත්තේ මෙය මීරිගම කඳන්ගමුව ප්‍රදේශයේ බෝඩිමක නතරවී සිටි පුද්ගලයෙකුගෙන් එම ටැබ් පරිගණකය මිලදී ගත් බවයි .
ඒ අනුව මීරිගම කඳන්ගමුව ප්‍රදේශයේ පිහිටි බෝඩිම වෙත පොලිසිය ගොස් ඇති අතර බෝඩිමේ සිටි පුද්ගලයින් දෙදෙනාගෙන් පොලිසිය සිදු කරන ප්‍රශ්න කල ප්‍රශ්න කිරීම් වලදී සොරකමේ සුලමුල පොලිසියට සොයාගැනීමට හැකිවී ඇත.
• ඒ අනුව බෝඩිම පරික්ෂා කිරීමේදී ටැබ් පරිගණක තුනක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර තවත් ටැබ් පරිගණක හතරක් අනෙක් සැකකරු විසින් රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව කොටදෙනියාව බාදුරාගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ගෙවත්තේ වළලා තිබූ ටැබ් පරිගණක හතරක් සහ සබ්වූපරයක් පොලීසිය විසින් සොයාගෙන ඇත. ඒ අනුව ඉතිරි ටැබ් පරිගණකය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලරි කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත. මොවුන් මෙසේ භාණ්ඩ සොරකම් කර ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ විකුණන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා මීරිගම ලෝලුවාගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලාවක සේවකයින් දෙදෙනෙක් බව පොලීසිය පවසයි. මොවුන් බාදුරාගොඩ සහ පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් බාන්දුරාගොඩ පදිංචි සැකකරුගේ යෝජනාවකට අනුව මෙම සොරකම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත
.
මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා මහතාගේ උපදෙස් මත , මීගමුව සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතාගේ අධීක්ෂණයෙන් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එ.එන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් ලියනගේ, පොලිස් සැරයන්වරුන් වන 36463 සුගත්, 21677 වීරසිංහ , 55394 කිත්සිරි, 61122 ආරියරත්න,34498 ලීලාරත්න, 34621 චන්ද්‍රසේකර, 34368 අනිල් , 46331 අබේසිංහ , පොලිස් කොස්තාපල්වරුන් වන 89512 තරංග, 90576 බණ්ඩාර, කාන්තා පොලිස් කොස්තාපල් 47605 කුමාරි යන මහත්ම මහත්මීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සටහන – ඡායා – මිනුවන්ගොඩ දමිත් තිසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here