සුළු ජාතින්ට එරෙහිව මුදාහල ප්‍රචණ්ඩත්වය ගෝඨා බලයට ගෙනඒමේ ව්‍යපෘතියක් !

0
178

140716232904-bbs-gotabaya-story-topතම සංවිධානයේ කාර්යභාරය අවසන් වී ඇති බැවින් බොදුබල සේනා සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබෙන බව එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමි මේ බව පවසා තිබෙනවා.

සුළු ජාතික ඡන්ද නොමැතිව ආණ්ඩු පිහිටුවිය නොහැකි බවට, නායකයන් පත්කළ නොහැකි බවට දීර්ඝකාලීනව පැවති මතය මේ වනවිට මිථ්‍යාවක් බවට පත්ව ඇති බවත් නිවැරදි නායකත්වයක් බිහි වී ඇති බවත් බොදුබල සේනා මහ ලේකම්වරයා පෙන්වා දෙනවා.

ඉදිරි මහ මැතිවරණයේදී රටට වැඩක් කළ හැකි යහපත් ඇමති මණ්ඩලයක් ද පත්කර ගැනීමෙන් පසු බොදුබල සේනා සංවිධානයේ කාර්යභාරය අවසන් වන බවත් ඒ අනුව මහ මැතිවරණයෙන් පසුව බොදුබල සේනා සංවිධානය විසුරුවා හරින බවත් ඥානසාර හිමි අවධාරණය කරයි.