සෘජුෆෝම් කෑල්ලෙන් එගොඩ වෙන්ඩ ගිය සදරු දියේ ගිලෙයි

0
160

ආඩිඅම්බලම  කෝවින්න  ප්‍රදේශයේ   පන්සල  අසල  ඔයක  ගිලී   අවුරුදු 13ක පිරිමි දරුවෙකු    මියගොස් තිබේ. මෙම මරණය  සිදුවී ඇත්තේ  ඊයේ වන අතර මෙම පිරිමි දරුවා හා තවත් දරුවෙකු මෙම ඔය හරහා  අසල ඇති  කුණු ගොඩක ඇති එක්ස්රේ කාඩ් ගැනීමට රෙජිෆෝමයක් ආධාරයෙන්  වතුරේ ගිය අවස්ථාවේදීය. මෙහිදී රෙජිෆෝම් කෑල්ල පෙරලී ඇති අතර එක් දරුවෙකු පිහිනා ගොස් බේරී ඇත. අනෙක් පිරිමි දරුවා දියේ ගිලී මියගොස්  ඇති අතර, ඔහු පවුලේ වැඩිමහල් දරුවා වන බව ද වාර්තා වේ.
සදරු අයේෂාන් අප්පුහාමි නමැති  මෙම පිරිමි දරුවා පදිංචි  ව සිට ඇත්තේ නො-58/කෘාස් වත්ත/ කෝවිනන / ආඩිඅම්බලම දරන ලිපිනයේය. මේ පිළිබද පරීක්ෂණ කටයුතු කටුනායක පොලීසියෙන් සිදුකරන අතර ඔහුගේ දේහය පිළිබද පශ්්චාත් මරණ පරීක්ෂණ කටයුතු මීගමුව රෝහලේ දී අද දින සිදුවිය.

2776145912_6c6baa5b9e