සෙල්ලකන්ද පාරේ කුණු කන්ද ගඳ ගසමින් අළුත් වෙයි….

0
405

මීගමුව බස් ඩිපෝව පිටුපස සෙල්ලකන්ද පාරේ ඇති මෙම කුණු කන්ද ඉවත් කෙරෙන්නේ බල්ලන් සහ කපුටන් විසින් ඒවා රිසි⁣ සේ පරිහරණය කිරීමෙන් අනතුරුවය. දුර්ගන්දය නිසා මෙම මාර්ගයෙන් ගමන් කිරීමට නොහැකි තත්වයට පත්වූ පසු අවට ගම්වැසියෙකු විසින් ඒ බව අපට දැනුම් දෙන අතර අපද එය මෙසේ සටහන් කරන්නෙමු.

මෙහි  විසිකර දමා  යන කුණු පාර්සල් අතර  කුකුලන්ගේ අතුනුබහන් , ඇට කටු සහ මාළු කටු  ආදී අපද්‍රව්‍යද ඇත.  එවැනි දෑ නිසා  පරිසරය දූෂණය  කරන  මෙම කුණු කන්ද පිළිබඳව  මෙසේ අපට නිතර සටහන් තබන්නට සිදුව  ඇත්තේ  වගකිවයුතු  අයගේ  නොසැලකිල්ල  නිසා  බව පැහැදිළිය. අදාල නිලධාරීන් හමුවී  මේ ගැන කොතෙකුත් සාකච්ඡා කළද  ඊට යහපත්  ප්‍රතිචාරයක් නොලැබුනු බව ප්‍රදේශවාසීන් පවසයි.

කටාන සහ මීගමුව වෙන්වන සීමාව නිසා අදාල වගකිවයුත්තෝ මේ ගැන නිසි අවධානයක් යොමු නොකරන බවත්, එබැවින් රෑ තිස්සේ විවිධ පුද්ගලයින් පැමිණ විසිකරන කුණු වලින් මෙම ස්ථානය පිරී යන බවත් ප්‍රදේශ වාසීන් පවසති.
දිගු කලක් තිස්සේ පරිසරය වනසන මෙම ක්‍රියාවලිය සිදුවේ. මේ සඳහා යම් පියවරක් ගැනීම අදාල බලධාරීන් සතු වගකීමයි. ⁣ අප ඒ ගැන ඔවුන්ට නැවත සිහි කැඳවන අතර එසේ නොවන්නේනම් ප්‍රදේශවාසීන් මේ පිළිබඳව කුමන පියවරක් ගන්නේදැයි අප නොදනිමු.
සැම්සන් ඥානසිරි