(10.50) මීගමුව -දිවුලපිටිය පාරේ ඇවෙන්ඩ්රා හෝටලය අසලින් සෙල්ලකන්ද පාරට හැරෙන වත්තේ තිබූ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත කටවුට් එක මාසයක පමණ කාලයක සිට එහි ප්රදර්ශනය කරමින් තිබුණි. මෙය මැතිවරණ නීති වලට පටහැනි බැවින් අප දිගින් දිගටම කටාන පොලීසියෙන් විමසා සිටියේ මෙම කටවුට් එක ඉවත්කිරීමට කටයුතු නොකරන්නේ මන්ද කියායි. මුලින්ම කටාන පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේ එවැනි කටවුට් එකක් එම ස්ථානයේ තිබෙන බව නොදන්නා බවයි. නැවත නැවතත් වාර කිපයක් මතක් කරමින්, විමසමින් පසු ඊයේ (24) දහවල් මෙම කටවුට් එක ඉවත් කිරීමට කටාන පොලීසිය ක්රියාත්මක වී තිබේ. ඉවත්කිරිම අගය කළ යුතයි. නමුත් මෙම ක්රියාවලිය සදහා අපට සති දෙකක කාලයක් පුරා කටාන පොලීසියට කරදර කරන්නට සිදුවීම කණගාටුවට කරුණකි.
මැතිවරණ නීති බහුතරයක් උල්ලංඝනය කර ඇත්තේ පොහොට්ටුවෙන් තරග වදින දේශපාලකයන් බව පැහැදිලිව ඔප්පු වී තිබේ. මෙයට තවත් ප්රධාන හේතුවක් වී ඇත්තේ පොලීසිය සිය රාජකාරිය වෙලාවට අකුරට සිදුනොකීරීම බව මෙම සෙල්ලකන්ද පාරේ තිබූ කටවුට් එක ඉවත් කිරීම සඳහා අපට මැදිහත් වන්නට සිදුවූ ආකාරයෙන් පැහැදිලිවේ.