සෙල්ලම් කරමින් සිටි පුංචි මිතුරන් තාප්පයට යටවී ජීවිතයෙන් සමුගනියි

0
36

මීගමුව,  ඩිපෝ පාර  පසුගිය ජනවාරී 20 වැනි සෙනසුරාදා සවස 5.30 ට පමන  සෙල්ලම් කරමින් සිටියදී අසල තිබූ  තාත්පයක්  කඩා වැටීමෙන්  කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු මිය ගියේය. ශාන්ත ලාසරස් පාරේ අංක 34/22 දරණ නිවසේ පිටුපස අ`ඵතින් ඉදිකරගෙන යන නිවසේ තාප්පයද මෙලෙස අ`ඵතින් ඉදි කර තිබේ. ඉහත නිවසේ විසූ මොහොමඞ් නවුෆර් නිප්ලාන් නැමැති වයස අවුරුදු 05 ක් පමන වන දරුවා සහ ඔහු සම`ග සෙල්ලම් කරමින් සිටි මහාහුණුපිටිය, ජුඩි මාවතේ අංක 174/4 දරණ නිවසේ පදිංචි මොහොමඞ් ජෙයිසම් නැමැති 12 හැවිරිදි දරුවෙකුද මෙම කඩා වැටුණු තාප්පයට යටවී ඇත.
මෙහිදී මොහොමඞ් නවුෆර් නිප්ලාන් නැමැති වයස අවුරුදු 05 ක දරුවා මීගමු රෝහලේදී මිය ගොස් ඇති අතර  12 හැවිරිදි  මොහොමඞ් ජෙයිසම් නැමැති දරුවාව මීගමු රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලද අතර එහිදී ඔහු මිය ගොස් තිබේ.
මෙම අනතුර සිදු වූ ස්ථානයේ වෙසෙන මිය ගිය මොහොමඞ් නවුෆර් නිප්ලාන්  දරුවාගේ 12 හැවිරිදි වැඩිමහල් සහෝදරයාගේ පංතියේ සිටින මිය ගිය මොහොමඞ් ජෙයිසම් එම නිවසට පැමිණ ඇත්තේ ඔවුනොවුන් පාසල් මිතුරන් නිසාවෙනි.
ඡායා – තුසාර රොහාන්