සේයා ඝාතන පරික්ෂණ කොටදෙනියාව පොලිසිය සිදුකර ඇත්තේ වගකීමකින්ද ?

0
187
police
උපුටා ගැනිම අන්තර්ජාලයෙනි

සේයා දැරියගේ ඝාතනය පිළිබදව රටපුරා ඇවිල ගිය විරෝධතාවන් සහ සාමාජ අවධානය මෑතක සිදුවිම් අරභයා අප දකින්න ප්‍රබල සමාජ ප්‍රකාශයකි.
දිනපතා රටපුරා මේ වෙනුවෙන් විවිධ විරෝධතාවලින් මහමහ පිරියමින් තිබේ.
මේ සියළු වර්ධනයන් හමුවේ කොටදෙනියාව පොලිසිය විසින් සැකකරුවන් 25 කට ආසන්න පිරිසක් ප්‍රශ්ණ කොට ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
මින් එක් අයෙකු වන්නේ 17 වියැති පාසැල් සිසුවෙකි.
තමන්ගේ පුතු මේ කිසිවකට සම්බන්ධ නැති බවත් ඔහුට බරපතල අසාධාරණයක් පොලිසිය විසින් කර ඇති බවටත් ඔහුගේ මව කියා සිටි.

“මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ.. පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා.. පස්‌සේ ඔවුන් පුතාගෙන් නොයෙකුත් දේ විමසන අතරේ පුතාගේ කාමරය අවුස්‌සමින් ඊයම් කොළ හෙව්වා.. ඒ පුතා මත්කුඩු පානය කරන බව පවසමින්.. එත් ගෙදර තිබුණු ඊයම් කොළයක්‌ නැහැ.. පස්‌සේ ඔවුන් පුතාව අරගෙන යන්න ගියා..

මම එදිනම සවස කොටදෙණියාව පොලිසියට පුතා බලන්න ගියා.. ඒත් දරුවා බලන්නවත් පොලිසිය මට ඉඩ දුන්නේ නැහැ.. පොලිසියේ හිටපු උසස්‌ නිධාරියෙක්‌ ඉතාම කෝපයෙන් පහත් විදිහට මට බැණ වැදුණා..යැයි ඇය මාධ්‍ය වෙත පවසා තිබුණි.

දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිදු කළ අසාධාරණයට වග කියන්නේ කවරෙකු දැයි එම සිසුවාගේ මව වන කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි මහත්මිය විමසන්නීය. 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා ඉකුත් 16 වැනිදා නිවසේ නිදා සිටියදී අත්අඩංගුවට ගැනීමට නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ කටයුතු කර තිබිණි.

දිවයින් පුවත් පතට ප්‍රකාශයක් කරමින් ඇයි පොලිසියට එල්ල කරන්නේ බරපතල අභියෝගයකි.
”..මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි.. මගේ දරුවා තවමත් අවුරුදු දහහතක පාසල් ශිෂ්‍යයෙක්‌.. කොහොමද මේ වගේ අවමානයක්‌ කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ.. දරුවා ලබන වසරේ අපොස උසස්‌ පෙළ වභාගයට පෙනී සිටිනවා.. මගේ දරුවා ඉගෙනීමට දක්‍ෂයි.. ඔහු පහ වසර ශිෂ්‍යත්වය පවා සමත් වුණු දරුවෙක්‌.. මගේ දරුවට අනාගතේ විවාහයක්‌වත් කර දෙන්න මට බැරි වන තත්ත්වයක්‌ නිර්මාණය වේවි.. ඒකට වග කියන්න පොලිසියට පුළුවන්ද”???