සේයා දැරියගේ මරණය මාකට් කරල ගොඩයන්න හදන සමාජ මාධ්‍යව වෙතටයි ?

0
179

meid aසේයා සදෙව්මිණී කියන්නෙ අවුරුදු පහක දැරිවියක්. ඇය නිවසින් අරගෙන ගිහිල්ලා මරලා දාලා. මේ සම්බන්ධව එක එක නාලිකා වල අනුවේදණීයව අඩන කටහඩවල් වළින් මේ දැරිවිට වුණ විපත කිව්වා. ඒ අම්මා තාත්තා අඩනවා පෙන්නුවා. එක එක ඩොට් කොම්වල එල්කේවල බ්ලොග්ස්වල ෆේස්බුක් වල අය මේ මරණය පුදුම වේගෙන් අතිශය සංවේදී ආකාරයේ හෙඩින්ස් දාලා අත ඇරියා ආකාසෙට.
දැන් මෙන්න හෙඩින්ස් වල තියෙන ඒවා.

1.සේයා සදෙව්මිණිගේ සිරුර නිරුවත් කර ඇළ මාර්ගයක් අසල වීඩියෝව පහළින්. සංස්කරණය නොකළ දර්ශණ ඇතුළත්. සංවේදී අය බලන්නෙපා.

2.සේයා සදෙව්මිණීගේ සිරුර සොයා ගැනේ. අලුත්ම වීඩියෝ දර්ශණ සහිතයි.

මෙවැනි හෙඩින් සහිත සේයා ගේ මරණය සම්බන්ධ වීඩියෝ නරඹන්නට අන්තර්ජාල පාඨකයන් පෙළඹවන බහුතරයක් තමන්ට මෙවන් දරුවන් සහෝදරියන් ඥාති රුවන් සිටිනවාය යන්න පවා අමතක කරවයි. යාපනේ විද්්‍යාගේ මරණය මොහොතේද ඇයගේ නිරුවත් මල සිරුර අනත්ර්ජාලය තුළ සැරිසැරුවේ ඇය ප‍්‍රසිද්ධියේ නිරුවතින් හිටියා හා සමානවය. දැන් සේයාගේ ලපටි සිරුර ද එලෙසම සංස්කරණය නොකළ දසුන් යැයි පවසමින් පෙන්වමින් සිටී.

මේ අසංස්කෘතික ලක්‍ෂණය. මේවා බෙදාහදාගන්නේ ෆේස්බුකියේ සැරිසරන්නන්ය.නිරුවත බෙදාහාදාගැනීම රසවිඳීම දියුණු සංස්කෘතියක් ඇති ඔලු ඇත්තවුන්ගේ ය. නමුත් දූෂණය කොට මරා දැමූ දැරියකගේ කාන්තාවකගේ තරුණියකගේ නිරුවත බෙදාහදාගැනීම මොනවගේ මානසික කාරණයක්ද කියා විමසා බැලිය යුතුය.

තම දරුවන් පිළිබඳ නිසි අවධානයක් නැති දෙමව්පියන්ට දඩුවම් පැමිණිය හැකිනම් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා. අඩුගානෙ දඩුවමට බයට හරි දරුවන්ගෙ ආරක්‍ෂාව පිළිබඳ මීට වඩා සැළකිලිමත්වෙයි .
මනෝහාරි කාරියවසම්