සේවක වර්ජනයක් නිසා මිගමුව ‘නයිට් බසාර්’ කුණු කසල හැමතැනම

0
134


මීගමුව නගර මධ්‍යයේ සති අන්තයේ පැවැත්වෙන සෙනසුරාදා පොළ අවසන් වූ පසු අද උදෑසන ඒ අවට මාර්ගය කුණු කසල වලින් පිරී පැවතිණි. ඉරිදා උදේ වනවිට මීගමුව නගර සභා සේවකයින්මේ විසින් පොළ පැවත්වෙන ස්ථානය පිරිසිදු කරනු ලබයි. නමුත් අද වෙනදා මෙන් පිරිසිදු නොකිරීම ගැන අවට ව්‍යාාරිකයෙකු විසින් නගර සභා නිලධාරීන්ගෙන් විමසා ඇත. එවිට දැනගන්නට ලැබී ඇත්තේ නගර සභා සේවකයින් වැඩ වර්ජනයක නිරත වන බැවින් නයිට් බසාර් පොළ පසුවදා පිරිසිදු නොකළ බවයි. මීගමුව නයිට් බසාර් පොළ පැවැත්වෙන්නේ නගර මධ්‍යෙය් ඇති ප්‍රධාන මාර්ගයක බැවින් මෙම තත්ත්වය ඉතාම පිළිකුල් සහගත මෙන්ම අවට පරිසරයට සිදුකරන බරපතල විනාශයකි. මේ සම්බන්ධයෙන් මීපුරට කතාකළ පුරවැසියෙකු මෙම තොරතුරු ලබාදුන් අතර ඡායාරූපද එවා තිබුණි.