සෝමාලියානු කොල්ලකරුවෝ ශ්‍රිලාංකිකයන් 8 දෙනා මුදාහරි !

0
58

piratesපසුගිය 13 වනදා සිය ග්‍රහණයට නතුකරගත් ශ්‍රිලාංකියන් 8 දෙනා අද අළුයම කිසිදු කොන්දේසියකින් තොරව මුදාහැර ඇතැයි ජගත් මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.
Aris 13 නැවේ ප්‍රධාන අරක්කැමි වු ඒ.ෂන්මුගම් මහතා මීගමුවේ දළුපත පදිංචි අයෙකි.
ඔහු ඊයේ සවස සිය දුරකථනයක් මගින් කථා කර කියා තිබුනේ සෝමාලියානු වෙරළ ආරක්ෂකයන් විසින් අත්අඩංගුවේ තිබෙන නැව දෙසට කරනු ලබන වෙඩි තැබිම් නවතා නොදමන්නේ නම් සියළු දෙනාවම මරාදමන බවට මුහුදු කොල්ලකරුවන් විසින් කියා ඇති බවය.
එබැවින් ඔවුන්ව බේරාගැනිමට කෙසේ හෝ මැදිහත්වන ලෙසද ඔහු සිය පවුලේ අයගෙන් ඉල්ලා තිබුණි.