සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳින මිගමු PHI ලා දැන් කොරෝනාවට එරෙහිව සටන් කරන්නේ කෙසේද ?

0
143
සෞඛ්‍ය නිති රිති එහෙම පිටින්ම උල්ලංඝනය කළ PHI ලෘ
ගුනේ සහ දයාන්
මාස්ක් නැති මිටරේ නැති PHI ගුණරත්න
මාස්ක් නැතුව මිටරෙත් නැතුව ඉන්න PHI මංජු
මාස්ක් නැතුව මිටරෙත් නැතුව ඉන්න PHI මංජුල

මීගමුව කියල කියන්නේ ලංකාවේ අංක එකේ දුෂිතම නිළධාරින් සහ දේශපාලකයන් ඉන්න නගරයක්. මීගමුවට අදාල ගත්තම මේ ඇතැම් දුෂිත නිළධාරින් ඇත්තටම මිගමුවේ එක්තරා දේශපාලන පවුලක වහල්ලු වගේ .
ඒ නිසාම වෘත්තිය ගරුත්වය බල්ලට දාලා සිය වෘත්තින්වල වගකිය යුතු  ඉහල අයට වගකියනවා වෙනුවට මෙයාල වගකියන්නේ මිගමුවේ පිචං දේශපාලකයන්ට.IMG-20201003-WA0025දයාන් ලංසාගේ උපන් දිනය
පහුගිය ඔක් 03 වෙනිදා මිගමුව මහනගර සභාවෙ පිරිතක් තිබුණා. එකේ ප්‍රධාන සංවිධායිකාව මිගමුවේ නාගරික කොමසාරිස් නෝනා . එයා ඒකට අලවපු ලේබලය තමයි රටට සහ පුරවැසියන්ට සෙත්පතා කියල..
නමුත් ඇත්ත කථාව අපි එළි කළා.

මාසක් නැති මිටරේ නැති කොමසාරිස්නෝනා සහ මිගමුවේ ප්‍රධාන පුරවැසිය පිටපස්සේ ඉන්නවා PHIලා
මාසක් නැති මිටරේ නැති කොමසාරිස්නෝනා සහ මිගමුවේ ප්‍රධාන පුරවැසිය වගේ පිටපස්සේ ඉන්නවා PHIලා

ඔක් 04 වෙනිදාට යෙදුන නගරාධිපති දයාන් ලංසාගේ උපන් දිනේ වෙනුවෙන් ඔක් 03 වෙනිදා රැ තමයි මේ පිරිත තියනේනේ.
PHI ලොක්කොත් මේක පිරිතෙ සංවිධායක චරිත වගේ තමයි කටයුතු කරල තිබුනේ.  වැඩේ කියන්නේ එයාලටම අමතක වෙනව එයාලටම  මිගමුව වටේ ගිහිල්ල බණ ගැන .
මිටරයක පරතරය මුහුණු ආවරණ කිසිම දෙයක් මේ පිරිතට අදාලව අනුගමනය කරල තිබුනේ නැ. කොටින්ම කියනව නම් මේ PHI ලොක්කෝ ඔක්කොම ටිකත් කිසිම සෞඛ්‍යාණුකුල ක්‍රමවේදයන් අනුගමනය කරල තිබුනේ නැ.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා ප්‍රශ්ණය පටන්ගන්නේ ඔක් 04 වෙනිදා .මිගමුවේ PHI ලා මාස්ක් නැතුව මිටරේ නැතිව  ජෝකර්ල පිරිසක් වගේ හැසිරෙන්නේ ඔක් 03 වෙනිදා රැ.
මොකක්ද මේ විහිළුව.
මහනගර සභාව ඉස්සර තියෙන ෆුඩ් සිටියේ සිකුරුටි නෝනාට PHI ගුණරත්නලාට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මාස්ක් එකක් නැතුව ගිහින් බලන්න ෆුඩ් සිටියට ගන්නවද කියල.
නැ.
වෙනස තමයි මිගමුවේ ඇතැම්  PHI දැන් හැසිරෙන්නේ දේශපාලකයන්ගේ කිකරු ගෝලයෝ හැටියට මිසක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් හැටියට නෙමේ .
ඔතන ඉන්නව වසන්ත කියල හොද නිළධාරියෙක්. අවංක මනුස්සයෙක්. නමුත් එයාල ගැනත් අපට දැන් නම් දුකයි. පව්. එයා තමයි මිගමු වටේ ගිහින් දේශන දෙන කෙනා.වසන්ත
එයාටත් දැන් මිටරේ නැ.

දැන් විහිළුවම  කතාව තමයි පිස්සන්ට හැතැම්ම නැ වගේ වැඩකරපු නගරාධිපති දයාන් ලංසා ඔක් 04 වෙනිදා කොවිඩ් වලින් පරිස්සම් වෙන්න කියල එයාගේ ෆේස් බුක් පිටුවේ පණිවිඩයක් දාන එක ..

මිගමු ප්‍රධාන පුරවැසියාගේ වැදිබණ
මිගමු ප්‍රධාන පුරවැසියාගේ වැදිබණ

ඒ විතරක් නෙමෙයි PHI ගුණරත්න අද ( ඔක් 07 ) විඩියෝ පණිවිඩයක් දෙනවා පරිස්සම් වෙන්න කියල . ගරු නගරාධිපතිගේ උපදෙස් පිටලු එහෙම කියන්නේ විශේෂ තොරතුරු කාර්යාංශකුත් පිහිටවලල තියෙන්නේ .මිගමුවේත ආසාදිතයෝ 4 ක් ඉන්නවලු.ගුණරත්න
දේශපාලකයන්ගේ වහල්ලු බවට පත්වුන අයට අත්වන ඉරණම ඉතාමත් හොදින් පේන තැනක් තමයි මිගමුව..කොමසාරිස් නෝනාගෙ ඉදන්ම එහෙමයි.
බදුගෙවන ජනයා වෙනුවෙන් වගකියනවා වෙනුවට නුගත් දේශපාලන චණ්ඩියන්ට ආඩන්න ගිහින් රෙදි ගලවගත්ත වැඩිම නිළධාරි පැලැන්තියක් ඉන්නේ මිගමුවේ වෙන්න ඇති.
ලැජ්ජයි..

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට..
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට..

120812758_2764324730558542_172809429777810339_o
දැන් රටේ දැවැන්ත කොරෝනා රැල්ලකට මුල පුරලා. එත් මිගමුවේ ප්‍රධාන පුරවැසියා ඒ් ගැන කථාකරන්න ඔක් 07 වෙනිදා කැදවපු රැස්විමේදිවත් මාස්ක් දාලා නැ. කොමසාරිස් නෝනාත් එහෙමයි.
ඔක් 03 දා පිරිතෙදි නැති මාස්ක් දැන් නම් PHIලාගේ  මුණට වැටිල…120813601_2764324687225213_5628818576091238582_oඉතින් මිගමුවට දෙයියන්ගේම පිහිටයි …
අපට මේ කා එක්කවත් කිසිම පුද්ගලික අමනාපයක් නැ. නමුත් අපි මතුකරන්නේ රාජ්‍ය නිළධාරින් උනාම එයාල තමන්ගේ වෘත්තිය ගරුත්වය රකින්න ඕනා.මහජන සෞඛ්‍ය නිළධාරින් සංගමය විතරයි පහුගිය කාලයේ ආණ්ඩුවේ අමනකම් වලට කෙලින් ඉදන් අභියෝග කරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතිය.නමුත් මිගමුවේදි වෙන්නේ ඒකේ අනික් පැත්ත .මොන අභියෝගයක්වත් කරන්න පුලුවන් කොන්දක් මේ වැඩිදෙනෙක්ට නෑ
නමුත් මිගමුවේද නුගත් දේශපාලන චණ්ඩින්ව රකින්න ගිහින් දැන් නිළධාරින්ට වෙලා තියෙන දේ දැක්කම ලැජ්ජයි.
එච්චරයි’120725187_2763439743980374_7341987834840422277_o
තවත් දෙයක් ලියන්නම ඕනා.
එදා නිරෝධායනයට තැනක් හදනවට එරෙහිව බෙරිහන් දුන් නිමල් ලංසා දැන් රාජ්‍ය ඇමතිවරයෙක්. එයාට කොහොමටත්  මිටරේ නැ.
මාස්ක් එහෙමත් නැ.(එයාට නම් ඡන්දේ කාලෙත් කිසිම සෞඛ්‍ය විනයක් තිබුණෙම නැ) දැන් ඉතින් මෙයාල කොහොමද ජනතාවට ආදර්ශ දෙන්නේ .
ඉතින් ජනපති ගෝඨාභය කොහොමද විනය ගරුක රටක් හදන්නේ ..??
අපි මේ අභියෝගය අපේ මහජන සෞඛ්‍ය නිළධාරින්ට කරන්නේ දැන්වත් හැදෙන්න කියලයි. වෘත්තිය ගරුත්වය අංක 1 කියල හිතල වැඩකරන්න. ඔයාල එහෙම කරන කාලේ අපි මාධ්‍යවේදින් හැටියට දිගටම උදව් කළා.
දැන්වත් ඇහැරෙන්න වෘත්තිය ගරුත්වයට ඉඩදෙන්න.