සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1223කට නඩු ! මිගමු සමුපෙටත් චෝදනාවක් ?

0
66

ආයතන තුළ නිසි සෞඛ්‍ය මාර්ගපදේශයන් අනුගමනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙහෙයුම් යටතේ මේ වන විට ආයතන 9,495ක් පරීක්ෂාවට ලක්කර ඇති බව අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ඉන් නිසි මාර්ගෝපදේශ අනුගමනය නොකළ ආයතන පරිපාලකයින් 1,223 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත

මේ අතර, මිගමුව තුල කොරෝනා අවදානම දැන දැනම පාලනය කරගැනිමට නිසි පියවර නොගැනිම සම්බන්ධයෙන් මේ වන විට බරපතල චෝදනාවක් මිගමුවේ සමුපාකාර පරිපාලනය වෙත එල්ල වි තිබේ.
එහි සේවකයන් පවසා සිටින්නේ බහුතරයකට විවිධ රෝග ලක්ෂණ පෙන්නම් කරමින් තිබියදි වුව සමුපාකාර පරිපාලන ප්‍රධානින් ඒ ගැන කඩිනමින් ක්‍රියාත්මක නොවු බවය.
ඒ වෙනුවට නිම කළ යුතුව තිබුණ වැඩ ගැන පමණක් අවධානය යොමුකළ බවය.
මෙවැනි වගකිම් විරහිත ආයතන ගැන මිගමුවේ ප්‍රකට සමාජ සේවකයෙකු වන රෝහල් පදනමේ සභාපති ක්‍රිශාන්ත දල්පදාදු මහතා සිය ෆේස් බුක් පිටුවේ මෙසේද සඳහන් කර තිබේ.