සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක කළ නිමල් ලංසාගේ මාධ්‍ය සංදර්ශන රැස්විම් ?

0
430
බහුකරයකට මුහුණු ආවරණ නැක
බහුකරයකට මුහුණු ආවරණ නැත

සැබැවින්ම මෙරටින් දැන් බැහැරව යමින් ඇත්තේ කොරෝනා පිළිබදව ජනතාව තිබුණ බිය පමණි. එහෙත් අවධානම නම් එසේම පවති . ඊයේ දිනයේ රෝගින් 8 දෙනෙකු හමුව තිබුන බව වාර්ථා විය.
මේ අතර බහුතරයක් දේශපාලකයන් කොවිඩ් පැතිරයාමට ඇති ඉඩ වලකමින් සිය දේශපාලන කටයුතු කරනවා වෙනුවට තමන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මැතිවරණ කොමිසමේ උපදෙස් මත දේශපාලනය කරනවා  යැයි බුකි පිටුවේ සටහන් තබා මුළුමනින්ම එයට පටහැනිව සිය භාවිතාව දැන් රටට හෙළිකරමින් සිටිති.
නිමල් ලංසා යනු සල්ලි විසි කර මාධ්‍ය සංදර්ශන පවත්වන ගම්පහ සිටින ප්‍රධාන දේශපාලකයෙකි.
ඔහු හැම විටම සිය පිටුවේ නම් කියන්නේ තමන් රාජ්‍ය දේපල අවභාවිතා නොකරන බවය. එහෙත් උදේ 7 ට පටන් ගන්නා රැස්විමේ සිට ලංසා කරන්නේ රාජ්‍ය දේපල අවභාවිතා කිරිමය.
මහනගර සභාව සිය පියාගේ බුදලයක් යැයි සිතන නගරාධිපති දයාන් ලංසා මහජන බදු මුදල් සිය අයියා වෙනුවෙන් ලෝභ නැතිව වැයකරමින් සිටි.
එපමණක් නොව නිමල් ලංසාගේ face book පිටුවට  අනුව නම් ඔහු සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මැතිවරණ කොමිසමේ උපදෙස් මත දේශපාලනය කරන බව සටහන් කර තිබේ.
එහෙත් සෑබෑවට සිදුවන දේ බැලු විට එයට පටහැනිව සියල්ල සිදුවෙමින් තිබේ.
පසුගිය දිනක දිවුලපිටියේ පැවැති එක් රැස්විමක් පමණක් අප මෙහිද ඔහුගේ පිටුවෙන්ම උපුටා දක්වන්නෙමු.
එය පැහැදිලිව සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මැතිවරණ කොමිසමේ උපදෙස් වලට පටහැනිව ගිය එකක්..