හකීම්ගේ බොරුව හෙළිවෙයි!විධායක ජනපතිධුරය අහෝසි කිරිමේ කැබිනට් යෝජනාවට මුලපිරුවේ සුමන්තිරන් !

0
88

FB_IMG_1568996901857ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැප්තැම්බර් 19 වන දින සවස 3.00 ට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අරමුණු කරගත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීම සඳහා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී මේ සඳහා මැදිහත්වී ඇත්තේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා බව ප්‍රකාශ වෙයි.
ජනාධිපතිතුමන් මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කරන ලද අතර, ඒ සඳහා වේලාව යෝදා ගන්නා ලද්දේ දෙදෙනාගේම එකඟතාවයෙන් බවත් සුමන්දිරන් මහතා ප්‍රකාශ කොට ඇත. එමෙන්ම මේ පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයන් වන මනෝ ගනේසන් සහ පලනි දිගම්බරම් යන අමාත්‍යවරුන්ද තමන් විසින් දැනුවත් කළ බව සුමන්තිරන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව, කැබිනට් මණ්ඩලයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධ යෝජනාවක් සාකච්ඡාවීම කුමත්‍රණයක් ලෙස සඳහන් කරමින් රවුෆ් හකීම්, මනෝ ගනෙසන් සහ දිගම්බරම් යන ඇමැතිවරුන් කරන්නේ හුදෙක් රඟපෑමක්ද යන ප්‍රශ්නය විචාරකයන් විසින් මතු කරති.මේ පිළිබඳව ඊයේ දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්කකොට ගෙන කරන ලද චෝදනාව අමු කෙප්පයක් බව දැන් හෙළිවි තිබේ.