හදවත් ඇත්තන්ගේ උත්සාහයෙන් ගොඩනැගෙන මිගමුවේ හදවත් සැත්කම් ඒකකය !

0
87

IMG-20191231-WA0019

මීගමු රෝහලේ අත්‍යාවශ්‍ය අංශයක් වන හදවත් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන අංශයක් ගොඩනැගීම උදෙසා රෝහල් බලධාරීන් සහ රෝහල් සංවර්ධන පදනමේ ක්‍රිෂාන්ත දල්පදාතු මහතා ඇතුළු පිරිස ගන්නා උත්සාහය අගය කළ යුතුය . මෙහි කටයුතු අවසන් කිරීම උදෙසා දිවා රෑ නොබලා අදාල පිරිස් වැඩ කරති.ඒ අනුව පසුගිය සතිය වනවිට දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය ආවරණ සැකසීම අවසන් කර තිබින .
මෙහි සියළු දෑ ජනවාරියේදී අවසන් කරන බවට කළ ප්‍රකාශය ඉටු වෙමින් පවතින බව පැහැදිළිය . ව.අඩි 7000ක්වූ මෙම ශාලාවේ ව.අ.1800 ක් මෙම දැඩි සත්කාර ඒකකයට වෙන්වී ඇත . කාන්තා සහ පිරිමි සඳහා ඇඳන් 10 බැගින් 20 ක් යොදා වාට්ටු දෙකක් ද, Center monitor System නම්වූ නවීන ක්‍රමවේදයකට අනුව රෝගීන් එකවරම පරීක්ෂාවට ලක්කිරීමේ හැකියාවක් මේ අනුව නිර්මාණය වන බව ක්‍රිෂාන්ත මහතා පැවසීය . කෙසේ නමුත් මෙය මීගමුවාසී ජනතාවට පමණක් නොව වෙනත් ත ප්‍රදේශවල ජනතාවටද සුභදායී ආරංචියකි.
මෙය මීගමුව රෝහලේ විශාල පරිවර්තනයකට හේතුවන කටයුත්තකි. මෙය කළ නොහැකි දෙයක් ලෙස සඳහන් කරමින් උදාසීනව සිටි සමහර අයට හොඳ පිළිතුරක් ලෙස මේ සඳහා අවශ්‍ය දායකත්වය ලබාදෙනමෙන් අපි සියළු පරිත්‍යාගශීලින්ගෙන්ද ඉල්ලා සිටිමු .