හදුනානොගත් කෘමියෙකුගෙන් හල්වතුර පොල් වගාවට හානි.

0
36

2017-11-20 Ingiriya Central Group-02(1)

හඳුනාගත නොහැකි කෘමි විශේෂයක් ඉංගිරියට නුදුරු හල්වතුර ප්‍රදේශයේ පොල් ගස් වල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා එම ප්‍රදේශයේ පොල් වගාකරන්නන් විශාල ගැටළුවකට මුහුණ දී ඇති බව වාර්ථා වේ.

මෙම නව කෘමි විශේෂය ව්‍යාප්තවීම ආරම්භ වූයේ  හල්වතුර වතුයායේ කටුපොල් වගාව ආරම්භවීමත් සමඟ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ වන විට මෙම උවදුර එපිටවත්ත,අළුපොත,තිප්පල ආදී ප්‍රදේශවලටද ව්‍යාප්ත වී තිබෙන බවද වාර්ථා වේ. මෙම කෘමි විශේෂය පොල් අත්ත මැදින් විනාශවන පරිදි කා දැමීම නිසා පොල් අතු මැදින් කඩාවැටෙන බව පොල්වගාකරුවන් පවසන අතර,එසේම මෙම කෘමීන් විසින් පොල් කොළ සම්පූර්ණයෙන් කා දැමීමත්,පොල් ගසේ කරබඩය විනාශ කිරීමත් නිසා පොල් වගාවේ ඇති පැළ ගස් විනාශවීම,පොල් ඵලදාව අඩුවීම හා පොල් වගාව බාලවීම යනාදී ගැටළු රැසකට වගාකරුවෝ මුහුණපා සිටින බවද ඔවුන් වැඩිදරටත් පෙන්වා දෙයි.

මේ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ පිළියම් මොනවාද යන්න සෙවීම සඳහා පොල් පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරී මහතුන් පසුගියදා එපිටවත්ත,අළුපත ප්‍රදේශයේ පොල් වගාවන් පරීක්ෂා කිරීමකට ලක්කර ඇති අතර,ප්‍රදේශවාසීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් හල්වතුර ප්‍රදේශයේ සියළුම පොල් වගාවන් විනාශවීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

මූලාශ්‍රය – දිනමිණ