හඳගම ගේ ‘ඇගේ ඇස අග’ 17 වෙනි ජොන්ජු සිනමා උළෙලේ ලෝක සිනමා විශිෂ්ටයින් ගේ අංශයට

0
55

අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය ” ඇගේ ඇස අග” (Let Her Cry ) අප්‍රේල් 28 සිට මැයි 7 දක්වා පැවැත්වෙන දකුණු කොරියාවේ 17 වෙනි ජොන්ජු ජාත්‍යන්තර සිනමා උළෙලේ ‘ලෝක සිනමා විශිෂ්ටයින්’ ගේ ( World Cinemascape – Masters’ ) අංශය නියෝජනය කිරීම සඳහා තෝරා ගෙන ඇත.

ලෝක පූජිත සිනමාවේදී මැනුවෙල් ඩි ඔලිවියෙරා විසින් අධ්‍යක්ෂණය කල තවමත් ප්‍රදර්ශනය සඳහා නිදහස් නොකෙරුණු “Memories and Confessions” ඇතුළු ලෝක පූජිත සිනමා කරුවන් විවිධ ශානර වලින් නිම වූ නවතම සිනමා කෘතීන් 16 ක්  මෙම අංශය නියෝජනය කරමින් මෙවර ජොන්ජු සිනමා උළෙලේ තිරගත වනු ඇත.

‘ඇගේ ඇස අග’ හඳගම ගේ 8 වෙනි සිනමා නිර්මාණය වන අතර, සිය සිනමා රංගනයේ පනස් වසර සමරන ස්වර්ණා මල්ලවාරච්චි එහි ප්‍රධාන කාන්තා භූමිකාව පනගන්වයි.

එය වසර විසි ගණනකට පසු ස්වර්ණාගේ සිනමා පුනරාගමනයයි. ස්වර්ණා සමඟ සුප්‍රකට බෙංගාල නළු ද්රිතිමන් චැටර්ජි ඇතුළු පිරිසක් එහි භූමිකා පනගන්වයි.

චිත්‍රාල් සෝමපාල ගේ සංගීතයෙන් සංගීතවත් වන ඇගේ ඇස අග චිත්‍රපටයේ කැමරා කරණය චන්න දේශප්‍රිය ගෙන්ද , සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ ගෙන් ද වර්ණ සංයෝජනය දිනිදු ජාගොඩ ගෙන්ද හැඩ  ගැන්වී ඇත. ‘ඇගේ ඇස අග’, සිළුමිණ ෆිල්ම්ස් වෙනුවෙන් ආචාර්ය ජගත් විජේනායක ගේ නිෂ්පාදනයක්.

‘ඇගේ ඇස අග’   ළඟදීම කොළඹ රීගල් ඇතුළු සිනමා ශාලාවල සීමිත දින ගණනකට ළඟදීම තිරගත වීමට නියමිතය.

http://www.lankalivestar.com