හයිවේ එකට ආ ඉබ්බා ????

0
1837

turtuleහයිවේ එකක් හරහා ඉබ්බෙක් යනවා කියල කිව්වොත් ඔයාල විශ්වාස කරන එකක් නැ . හරියට අපි පොඩි කාලේ අහපු ඉබ්බෙක් උඩින් ගියා කියන කතන්දරය වගේ.
ඒත් ඇත්තටම අද හයිවේ එකක් හරහා ඉබ්බෙක් මාරුවුණා. ඒ කොළඹ කටුනායක අධිවේගි මගේ සීදුව ප්‍රදේශයේදි වගේ .තවත් නිශ්චිත කරනවා නම් කටුනායක පිවිසුමට යන්න කලින් මුදල් ගෙවන්න තියෙන තැන ඉදන් මිටර් 500 ක් පමණ දුරින් කලපුව පැත්තේ ඉදන් පාර හරහා මාරු වෙමින් හිටය ඉබ්බව බේරගන්න මගේ ඉස්සරහින් ගිය වාහනේ රියදුරා ලොකු උත්සාහයක් ගත්ත. ඒ නිසාම දුරඉදන්ම මමත් ඉබ්බ දැක්ක හින්ද මටත් ඌව බේරගෙන ඉන්න පුලුවන් වුනා.
නමුත් එ තැනේ හැටියට වාහන මුදල් ගෙවල හැල්මේ එලවන හරියක්. අවුරුදු 300 ගාණක ආයු කාලයක් තියෙන ඉබ්බෙක් අද අද අධිවේගි මාර්ගය තුලදිම තින්දු වෙලා තියෙන්නත් පුළුවන්.
නමුත් මේ සටහන තබන්නේ උඩින් ගිය ඉබ්බගේ කථාව අළුත් අර්ථ කතනයක් දෙන්න නෙමේ .මේ අධිවේගි මගේ දිනපතා අවසන් ගමන් යන අහිංසක සත්තුන්ගේ ඉරණම වෙනස් කරන්න අදාල බලධාරින්ගේ ඇස් අරවන්න ඕනේ හින්ද …..