හරින් කලේ කෙලින් කථාවක් ?

0
192

harinහරින් ප්‍රනාන්දු විසින් පසුගියදාක කරන්නට යෙදුන  කාර්දිනල් හිමියන් ගැන කථාව හුඹට කුඩු මිරිස් ගැහැව්වා සේ ඇවිලේ ඇත.සමගි ජනබලවේගයද තප්පුලන්නට පටන් ගෙනය.
වැඩියෙන්ම බෙරිහන් දෙන්නට පටන් ගෙන ඇත්තේ කතෝලික තිරයේ දුරකතන මන්ත්‍රිලාය.
කාර්නල්හිමියන් හිමියෙන් සාමය පණිවිඩය ලෝකයට බෙදාහැරිය ආගමක නායකයෙකු ලෙසින් මිගමුව තුල ඇවිලෙන්නට ගිය ජාතිවාදි ගින්න නිවා දැමිමට පැහැදිලි මැදිහත්විමක් කර තිබුණි.cardianl 3
Cardinal in poruthotaඅප අමතක නොකළ යුතු කරුණ වන්නේ මිගමුව තුල ඒ ජාතිවාදි ගින්න අවුලුවන්නට මුල්ව කටයුතු කලේද පොහොට්ටුවේ මිගමුව දේශපාලකයන් හා එහි අධාරකරුවන් බවය.
කෙසේ වෙතත් මේ රටේ බහුතරයක් බෞද්ධ භික්ෂුන් මෙන් නොව එදා කාර්දිනල් හිමියන් කිසියම් ථෙතිහාසික මෙහෙවරකට එදා සිය දුතමය දායකත්වය සපයා තිබුණි.
එහෙත් කාර්දිනල් හිමියන් වරෙක ඉතා සියුම් ලෙසද තවත් විටක එලිපිටමද රාජපක්වාදි දේශපාලන හිතේෂිකම විදවා දක්වන්නට කටයුතු කර තිබුණි. එයද රහසක් නොවේ.හරින් ප්‍රනාන්දු
ඉතින් හරින් විසින් කියන්නට යෙදුන ඒ ප්‍රකාශය පසුබිම් වන්නේ කාර්දිනල් හිමියන්ගේ රාජපක්ෂ හිතේෂිවන්ත භාවය පදනම් කරගෙනය.
හරින් විසින් ගන්නට යෙදුන දේශපාලන තීන්දුව ගැන දැන් හරින් ප්‍රනාන්දුව දෙවරක් සිතිය යුතු යථාර්ථයක් මතුව තිබේ.
සජිත් ප්‍රේමදාස වැනි කඳ මෙන්ම ඔළුවද ඩිජිටල් නැති දේශපාලන නායකයෙකු යටතේ නුතන දේශපාලනය ගැන විවෘතව තිත්ත ඇත්ත කථා කරන අයට ඉඩනැති බවද දැන් පැහැදිලිය.
කටකෑවත් තිත්ත ඇත්ත දේශපානිකව වරනගන මංගල වැන්නෙකුට සජිත් වැනි වැඩවසම් දේශපාලකයෙකු සමඟින් කරන්නට දේශපාලනයක් නැති පමා වි තේරුම් යෑම රටේ අනාගත දේශපාලනය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.
ඒ අනුව බලන කළ රංජන් රාමනායක වැන්නෙකුටද අපට කියන්නට ඇත්තේ සජිත් දැනටමත් ඔයාගේ කටට ඉබ්බන් දාමා ඇතැයි ඔබව කියන්නේ නම් නම් එවැන්නෙකු ලග රංජන්ලාටද කරන්නට දේශපාලනයක් ඇතිදැයි තේරුම්ගන්නට තරම් රංජන්ට මොළයක් තිබේද යන්න තීන්දු වන්නේ ඔහු ඊට ආදලව ගනු දේශපාලන තීන්දු අනුවය.
හරින් කථාකළේ කාර්දිනල්හිමියන්ගේ හිරිකිත දේශපාලනය ගැනය. කාවින්දලා ප්‍රදිප්ලා ඇඹරුනාද හරින් කියා තිබුනේ ඇත්ත කතාවකි. ප්‍රගතිශිලි කතෝලික ජනයාට සැබැවින්ම එය හිරිකිතය.clock t 3
එමෙන්ම කාර්දිනල්හිමියන්ගේ ඇතැම් ගෝල පියතුමන්ලා පිරිසක් මිගමුවේද සිටිති. ඒ අයද ලෝගු ඇදගෙන ඇතැම් දේශපාලනඥයන්ට කඩේ යන හැටි අප නම් විවෘතව හෙළිදරව් කර ඇත්තෙමු.
අයිවන් ප්‍රනාන්දු පියතුමන්ලා සරත් ඉල්ලමල්ගොඩ පියතුමන්ලාගේ එදා නායකත්වය යටතේ මිගමුවේ ක්‍රියාත්මක වු ප්‍රගිතශිලි කතෝලික සභාව දැන් වාෂ්පි වි ගොස් ඇත්තේ ලැගුම් ගේ AC  කරගන්න නගරට මැද ඔරලෝසු කණුවලට දේවමැණියන්ගේ ප්‍රතිමාව කළු සල්ලි වලින් වුවද කම් නැතැයි හිතන පියතුමන්ලා මිගමුවේ සිටින බැවිනි.
එවන් කතෝලික සභාවක් ගැන අපට කියන්නට ඇත්තේද හිරිකිතයි කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here