හරිස්චන්ද්‍ර විදුහල් ආදිගුරු සංවත්සරය ඉහළින් සමරයි.෴

0
562

IMG-20191231-WA0010IMG-20191231-WA0009IMG-20191231-WA0005IMG-20191231-WA0004

මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික විදුහලේ ආදිගුරු සංගමයේ2019 වාර්ෂික සුහද හමුව ඊයේ(30 දින ) පුල්මූන් ගාඩ්න්ස් හෝටලයේදී පැවැත්වින. මේ සඳහා මෙම විදුහලේ සිට විශ්‍රාම ලත් සහ ස්ථාන මාරුවීම් ලැබූ විදුහල් පතිවරු , ගුරු මහත්ම මහත්මීන් 50කට අධික පිරිසක් සහභාගී විය .
එකිනෙකාට සමීපව එකම වහලක් යට සේවය කළ අතීතය සිහිපත් කරමින් මේ සියළුදෙනා එකිනෙකා සිප වැලඳ ගනිමින් , සතුටු සාමීචියේ යෙදෙමින්, සිය සබැඳියාව ප්‍රදර්ශනය කළ එම අවස්ථාව අපූරු දර්ශනයක් විය .
විනෝදය, මානසික සුවය , සුහදත්වය මත සරල ක්‍රීඩා කිහිපයක් මෙදින වැඩ සටහන සඳහා යොදාගෙන තිබින . සංගීත පුටු තරඟය, හැන්ද මත දෙහි ගෙඩියක් තබා දිවීම , තොප්පි මාරු කිරීම , කණ්ඩායම් වලට බෙදා ගීත ගායනා කිරීම වශයෙන් පැවැත්වූ මෙම අංග තුළින් උපරිම වින්දනයත්, ඔවුන්ගේ සාමුහික බවත් මොනවට ප්‍රදර්ශනය කරන ලදී .
මෙම සංවත්සරය සාර්ථක ලෙස සංවිධානය කිරීමට හැකි වූයේ සංගමයේ සභාපති හිටපු විදුහල් පතිවරයෙකු වන සුනිල් ද සිල්වා , ලේකම් කිත්සිරි ද සිල්වා , භාණ්ඩාගාරික ශ්‍රියානි පෙරේරා යන මහත්ම මහත්මීන් කරන ලද කැපවීම නිසාය . එමෙන්ම මෙහිදී ස්ථාන පහසුකම් සහ කෑම බීම ආදිය ලබාදෙමින් පූර්ණ දායකත්වයක් ලබාදුන්නේ හරිශ්චන්ද්‍ර විදුහලේ ආදිසිසුවෙකු වන පුල්මූන් ගාඩ්න්ස් හෝටලයේ අධිපති ප්‍රදීප් ද සිල්වා මහතාය.
අද වියපත් වූවද එදා සිසු දරුවන්ගේ හැකියාව සහ බුද්ධිය වර්ධනය කරමින් ඔවුන් සමාජයේ යහපත් පුරවැසියන් බවට පත්කරලීමේ සමායෝජන ක්‍රියාවලියට දායකවූයේ මේ ගුරු මෑණිවරු සහ පියවරුන්ය. එවන්වූ උතුම් මිනිසුන්ට අපි අපේ සුභාෂිංශනය පිරිනමමු.