හලාවත ධීවර විරෝධය මැඩලන්න තවමත් ආරක්ෂක අංශ සීරැවෙන්

0
115

අද උදෑසන  හලාවත එගොඩවැල්ලේදී  විශේෂ කාර්ය සාධක බලකායෙන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන්  එක් ධීවරයෙකු මිය යාමත් තවත් ධිවරයන් 3 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබීමත් හේතුකොට එම ප්‍රෙද්ශයේ ධිවර ජනතාව  විරෝධය දක්වමින්  එම ප්‍රෙද්ශයේ  රැදී සිටින බව වාර්තා වේ. මෙම තත්ත්වය උඩ  මිය ගිය ධිවරයාගේ දේහය  කුලියාපිටිය රෝහලට ගෙන යාමට බලධාරීන් විසින් උත්සාහ කර ඇති අතර පසුව එම තීරණය වෙනස් කර තවමත් ඔහුගේ දේහය හලාවත තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.  එමෙන්ම  පපුවට වෙඩි වැදී  අසාධය තත්ත්වයේ පසුවෙන තවත් ධිවරයෙකු කොළමට එවීමට සූදානම් වන බවද වාර්තාවේ.