හලාවත පාරේ නයිනමඩමේ ඇති මාරාන්තික වලේ අයිතිකරු කව්ද ???

0
54

පාරවල් වල විවිධ හේතු නිසා කරන කැනිම් නිසි ලෙසින් නිම නොකර ඔහේ තබා යෑම නිසා සිදුවු අනතුරු ගැන අප නිතර අසා ඇත්තෙමු.
මාධ්‍ය ඔස්සේද මේවා ගැන නිරන්තරයෙන්ම අවධානයට ලක් කෙරේ.
එහෙත් මාර්ග සංවර්ධන අධිකාරිය  හෝ ටෙලිකොම් ආයතනය මේවා ගැන වගක් ගන්නේ නැත.
2013 මැයි 06 වනදා රාත්‍රි 8 ට පමණ නයිනමඩමේ සිට කොච්චිකඩේ දෙසට ධාවනය වු ත්‍රිරෝද රියක් මහාපාර අයිනේ වු අති අනාරක්ෂිත වලකට වැටිම හේතුවෙන් එකි රථය මුළුමනින්ම කැඩිබිදි ගොස් ඇත. එහි ගමන් ගත් දරුෙවක් සහ මහළු පියෙක්  අසාධ්‍ය තත්වයෙන් මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ.
පසුව එහි පැමිණි වෙන්නප්පුව පොලිසියේ නිළධාරින් පිරිසක් මේ වලේ ඇති අවදානම් තත්වය රියදුරන් හට කියා පානු වස් මුලින්ම කොළ අතු රදවා ලන්නට වුයේ එවන් තවත් මාරාන්තික අනතුරක් ඇතිවිමට ඇති ඉඩ තාවකාලිකව හෝ අහුරාලනු පිණිසය.
මේ පිළිබදව අපට අදහස් දැක්වු නයිනමඩමේ තරුණයෙක් පවසා සිටියේ මීට පෙරද මේ වලේ වැටි ත්‍රිරෝද රථයක් අනතුරට පත්ව ඇති බවය.
මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ හලාවත කාර්යාලයේ උසස් නිළධාරි මහතෙකුගෙන්  විමසා සිටි අවස්ථාවේ දි ඔහු පවසා සිටියේ මේ වළ නැවත යථා තත්වයට පිළිසකර කිරිෙම් වගකිම පැවරි ඇත්තේ මීගමුව ටෙලිකොම් ආයතනයට බවයි.මේ සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයේ නඩත්තු කටයුතු භාර ඉජිනේරුවරිය අවස්ථා ගණනාවකදිම ඇමතිමට ගත් උත්සාහයන් සාර්ථක වුයේ නැත.