හලාවත වැල්ලේදී සිදුවූ හමුදා වෙඩි ප්‍රහාරයෙන් ධීවරයෙක් මිය යයි

0
55

අද පෙරවරැවේදී හලාවත වැල්ලේදී  ධිවරයින් පිරිසකට  කදුලු ගෑස් ප්‍රහාරයක් හා වෙඩි තැබීමක් හමුදාව විසින් සිදුකර ඇත. එහිදී ධීවරයින් 4 දෙනෙකුට වෙඩී වැදී ඇති බව බරනබා  පියතුමා  විසින් ප්‍රකාශ කර සිටී. ඒ අතරින් වෙඩි වැදුන එක් ධීවරයෙකු වන ඇන්ටනී නම් තැනැත්තා මියගොස් ඇති අතර ඔහුගේ වයස 38ක් වන බවත් වාර්තාවේ. වෙඩිවැදුන අනිත් ධීවරයින් 3දෙනා තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ඉන් එක් අයෙකුගේ එක් අතක් බරපතල ලෙස අනතුරට ලක්වී ඇති බවත් වාර්තාවේ. එසේ සිදුවී ඇත්තේ කදුලු ගෑස් ප්‍රහාරයේ දී ඔහුවෙත එල්ල වූ  කදුලු   ගෑස්  උන්ඩයක් ඔහුගේ අතේ පිපිරීමෙන් බවද ආරංචි මාර්ග සදහන් කරයි.