හාල්මැස්‌සන් – පරිප්පු හිඟයක් අතළඟ !

0
68

dhallරජය විසින් පනවා ඇති පාලන මිලට පරිප්පු සහ හාල්මැස්‌සන් අලෙවි කළ නොහැකි නිසා ඇතැම් තොග වෙළෙඳුන් විසින් මේ වන විට එම ද්‍රව්‍ය ආනයනය කිරීම නවතා දමා තිබේ.

හොඳ වර්ගයේ පරිප්පු සහ හාල්මැස්‌සන් රජයේ පාලන මිලට ශ්‍රී ලංකාවට ගෙන්වීමට වත් නොහැකි බව ආහාර ද්‍රව්‍ය තොග ආනයනකරුවෝ පවසති.

බාල වර්ගයේ පරිප්පු සහ හාල්මැස්‌සන් සඳහා අඩු ඉල්ලුමක්‌ පැවතීම නිසා එම ද්‍රව්‍ය ගෙන්වීමට ව්‍යාපාරිකයන් එතරම් කැමැත්තක්‌ නොදක්‌වති.

හොඳ වර්ගයේ හාල්මැස්‌සන් කිලෝවක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වීමට රුපියල් පන්සියයක්‌ පමණ වැයවන අතර හොඳ වර්ගයේ පරිප්පු කිලෝවක්‌ ගෙන්වීමට රුපියල් 210 ක්‌ වැයවේ.

එහෙත් රජය විසින් නියම කර ඇති උපරිම මිල හාල්මැස්‌සන් කිලෝවකට රුපියල් 410 ක්‌ වන අතර පරිප්පු කිලෝවකට රුපියල් 169 කි. එම මිලට වඩා විකුණන වෙළෙඳුන් පාරිභෝගික අධිකාරිය මගින් අල්ලා දඩ නියම කරනු ලැබේ.

මේ නිසා එම ද්‍රව්‍ය විකිණීමෙන් ඉවත් වීමට බොහෝ වෙළෙඳුන් පෙළඹී තිබේ.

Home