හැට පැන්න අයට ෆයිසර් බූස්ටර් එන්නත

0
74


කොරෝනා වසංගතය රටපුරා පැතිරීමට පෙර අදාල නිසි පියවර නොගැනීම හේතුකොටගෙන එය ඉතා ඉක්මනින් පැතිර ගිය ආකාරය අපි දැක්කෙමු . මේ අනුව පසුගිය කාලය තුළ ලහි ලහියේ ආණ්ඩුවට එන්නත විදීමේ කටයුතු දියත් කිරීමට සිදුවිය.
විශේෂයෙන් වයස 60 ට වැඩි පිරිසට මෙම වෛරසයේ බලපෑම වැඩි හෙයින් ඔවුන් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවිය.
සියල්ලට පළමුව ජීවිතය රැක ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි .ඒ නිසා 60 ට වැඩි විශාල පිරිසක් අද මීගමුව නගරසභාවට ඇදෙනු පෙනින.අද ( 18 දා ) එන්නත් කරණයේ දෙවන දිනයයි. අදින් අවසන් වන බැවින් මීගමුවේ ජීවත්වන වයස අවුරුදු 60 පසුකරමින් සිටින සියළු දෙනා පැමිණ එන්නත විද ගන්නා මෙන් අපි ඉල්ලා සිටිමු.

සැම්සන් ඥානසිරි