හැමදාම කෑමට කුස්සියට එන අමුත්තා !

0
247
oznor

oznor

සත්තුන්ටත් දැන් කෑම හරියට හිගයි.පසුගිය දවසක් අපේ කුස්සියේ ජනේල ලගට ආපු ලේනට අපි කෑම දුන්නා.
අද අපි කෑම කාලා කාමරේට වෙලා ඉන්න කොට කුස්සිසේ සාස්පානේ  පියන් සද්දෙ ඇහුණා.
පස්සේ ඇවිත් බැලුවා,
අනේ අර ලේනා ජනේලෙන් ඇතුළට ඇවිත් වලන් උඩ .කෑම හොයනවා…
ඉතින් අපි ජනෙල් පඩියෙන් කෑම තිබ්බා.
ඔය කන්නේ බත්ඇට අපුරුවට .ඊට පස්සේ ඉතින් උන් එන වෙලාවට අපි ලග තියෙන දෙයක් කන්න දැම්මා.
සමහරක් දවස්වල ඉදිආප්ප. තවත් දවසක විස්කෝතු
අද තිබුනේ කව්පි. මෙන්න මෙයා කව්පි කනවා යස අගේට.
දැන් මේ සත්තුන්ට පළතුරු කන්න ගස් නැ.ඔක්කොම කපලා ගෙවල් හදන්න.
පහුගිය දවසක මම දැක්කා මයිනෙක් අර බයිට් පැකට් උරයක් අත්තක් උඩ තියාගෙන එකේ කන්න දෙයක් හොයනවා.
පුලුවන් අය පුළුවන් විදියට මේ සත්තුන්ට කන්න දෙන්න වැඩපිළිවෙලක් හිතමුද?
කෑලැ පැතිවල නම් උන්ට තාමත් කන්න දේවල් ඇති
නමුත් කටුනායක  වගේ තවත් ජනාකිර්ණ පැතිවලදි උන්ට කන්න දේවල්වත් නෑ
බලන්න පුලවන් කෙනෙක් යමක් පටන් ගන්න උන්ගේ බඩගින්න ගැන හිතල ….
සමරක් අය නම් පොඩි තැටියක් තියල ඒකට කෑම දාන්න පුරුදු වෙලා ඉන්නවා. පුලුවන් අය ඒ විදියටවත්  පටන් ගන්න පුලුවන් නම් නාගරික පැතිවල ඉන්න මේ සත්තුගෙ බඩගින්න ටිකක් හරි අඩුකරගන්න පුලුවන් .
සෙලින් ප්‍රනාන්දු