හැමිල්ටන් ඇලට යායුතු කාණුවට බාමා හරස් වෙයි

0
348

DSC_0973මීගමුවේ   කානු ප්‍රශ්නය  කිසිදා  විස‍ෙඳෙන  ප්‍රශ්නයක්  නොවන  තරමට  ඔද්දල් වී  ඇත.
කාණුවක්  අවශ්‍ය  වන්නේ   වතුර  ගලාගෙන  පහලට  යාටමටය.  නමුත්  සමහර  කානු  එසේ  පහළට  ගලාගෙන  නොගොස්  මග  නතරවේ. එය  ස්වභාවික  හේතුවකට  වඩා  එහාට  යන්නකි.  එවැනි  තැනක්  අපට  අසරප්පා  වත්තේදී   හමුවිය.  DSC_0970 (2) DSC_0971 මෙහි  කොන්ක්‍රීට්  පාරත්  සමඟ  වතුර  ගලාගෙන  යන  කාණුවක්  ඇත.  මෙම  කාණුව  පාර  අවසන්වන තැනේදී   නතරවී  ඇත.   මෙම  කානුව  බැස  යායුත්තේ  හැමිල්ටන් ඇලටය.  නමුත්  එසේ  නොවී  නතරවීම නිසා    වැසි  දිනවලදී  තම  නිවෙස  යටවන බව  මෙම  පාරෙහි  අවසාන  නිවසේ  ජීවත්වන  තැනැත්තා  අප  සමඟ  පැවසීය.ඔහු  පවසන  ආකාරයට  කානුව  හැමිල්ටන්  ඇලට  නොගියේ  මුදල්  බලය  නිසා  බවය.  මෙම  කාරණය   සරලව  කිවහොත්  පාරෙන්  අනෙක්  පස  සිටින්නේ  රන් ආභරණ  වෙළෙන්දෙකි.   නමින්   බාමා  ජුවලරි  යනුවෙන්  ප්‍රසිද්ධ  සවර්ණාභරණ  සාප්පුවේ  අයිතිකරුය.  ඔහු  තමන්ගේ  නිවස  අසළින්  කුනු කානුවක්  යනවාට  අකමැති  හෙයින්  ඊට  ඉඩ නොතබා ඉක්මනින්ම  මෙහි   නිවසක්  තනන  ලදී.  ඒ  නිසා  මෙම  කානුව  තවමත්  ඉහතකී  නිවස  අසලට  පමණක්  ඇවිත්  නතරවී  ඇත. මෙම  තත්වය  නිසා  කානුවෙහි  ඉතා  පහසුවෙන්  මදුරු  කීටයන්  බෝවීමට  ඉඩකඩ  සැකසේ.  ඩෙංගු  මදුරුවා  දෂ්ඨ  කරන්නේ  ඒ ඒ  අයගේ  තරාතිරම  බලා  නොවේ.  තමන්  සිටින  ස්ථානය  පමණක්  නොව  කොතැනක  හෝ  තමන්ගේ  වර්ගයා  බෝකිරීම  මදුරුවාගේ  සිරිතය.  නමුත්  මිනිස්සුන්ගේ  සිරිත  විය  යුත්තේ  කොතැනක හෝ  මදුරුවන්  බෝවන්නේ  නම්  එවැනි  ස්ථාන  පිරිසිදුකර  තබා  ගැනීමය.නමුත්  සමහර  අය  මෙම  තත්වය  තේරුම්  නොගෙන  කටයුතු  කරති.

මීගමුව,  අසරප්පා  වත්තේ  හැමිල්ටන්  ඇල  ආසන්නයේ    ඇති  නිවාස  පේළියේ  සිටින්නේ  එදිනෙදා  ජීවිතය  ගැටගසා  ගැනීම  සඳහා  වෙහෙසෙන  මිනිස්සුය.  එහි  අනෙක් පැත්තේ  විශාල  නිවාස  පේළියේ  සිටින්නේ  යහමින්  මුදල්  ඇති  පොහොසත්  මිනිස්සුය.  ඉහත  සඳහන්  රන්  බඩු  වෙළෙන්දා  ප්‍රසිද්ධ  සමාජසේවකයෙකු  බවද   මේ  ගැන  අදහස්  දැක්වූ   පුද්ගලයා  අප සමඟ  පැවසීය.  සිදුවී  ඇති  අසාධාරණය   මේ  සම්බන්ධව  ක්‍රියාකරන  වගකිවයුත්තන්ට  අසාධාරණයක්  නොවන්නේ   ඔහු  මුදල්  බලය  ඇති  අයෙක් වීම නිසා  බව පැහැදිළිය.  සමාජයට  පෙනෙන  පරිදි  සමාජ සේවයේ  යෙදෙන  ‍මෙවැනි  අය  ඕනෑ  තරම්  මීගමුව  නගරයේ  සිටිති.

මෙම  කරුණ  පැහැදිළි  කරන  ඉහත  සඳහන්  කානුව  අසල  සිටින   ගෙහිමියා  ප්‍රකාශ කළේ  බලධාරීන්ට    ප්‍රශ්ණය   කොතෙක්  ඉදිරිපත්  කළද   ඒ සඳහා  විසඳුමක්  දීමට  මැදිහත්  නොවුනු  බවය. එය  මීගමු  නගරයේ    ප්‍රශ්ණවල  පොදු  ආකාරයයි.  මෙවැනි   ප්‍රශ්ණ  විස‍ඳෙන්නේ   ලැබෙන  වාසි  අනුව  බව  ඉතිහාසය  පුරා  අපට  කියාදෙන  පාඩමයි.  මේ නිසා  පීඩාවට   පත්වන  මිනිස්සුන්ට   මේ  සඳහා ඇති  එකම  මග  වන්නේ  සාමුහික  අරගලයක්  තුළින්  තම  ප්‍රශ්ණයට  විසඳුම්  සොයා  ගැනීමයි