කාණුවක් අවශ්‍ය වන්නේ වතුර ගලාගෙන පහලට යාටමටය. නමුත් සමහර කානු එසේ පහළට ගලාගෙන නොගොස් මග නතරවේ. එය ස්වභාවික හේතුවකට වඩා එහාට යන්නකි. එවැනි තැනක් අපට අසරප්පා වත්තේදී හමුවිය.
මීගමුව, අසරප්පා වත්තේ හැමිල්ටන් ඇල ආසන්නයේ ඇති නිවාස පේළියේ සිටින්නේ එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම සඳහා වෙහෙසෙන මිනිස්සුය. එහි අනෙක් පැත්තේ විශාල නිවාස පේළියේ සිටින්නේ යහමින් මුදල් ඇති පොහොසත් මිනිස්සුය. ඉහත සඳහන් රන් බඩු වෙළෙන්දා ප්‍රසිද්ධ සමාජසේවකයෙකු බවද මේ ගැන අදහස් දැක්වූ පුද්ගලයා අප සමඟ පැවසීය. සිදුවී ඇති අසාධාරණය මේ සම්බන්ධව ක්‍රියාකරන වගකිවයුත්තන්ට අසාධාරණයක් නොවන්නේ ඔහු මුදල් බලය ඇති අයෙක් වීම නිසා බව පැහැදිළිය. සමාජයට පෙනෙන පරිදි සමාජ සේවයේ යෙදෙන මෙවැනි අය ඕනෑ තරම් මීගමුව නගරයේ සිටිති.
මෙම කරුණ පැහැදිළි කරන ඉහත සඳහන් කානුව අසල සිටින ගෙහිමියා ප්‍රකාශ කළේ බලධාරීන්ට ප්‍රශ්ණය කොතෙක් ඉදිරිපත් කළද ඒ සඳහා විසඳුමක් දීමට මැදිහත් නොවුනු බවය. එය මීගමු නගරයේ ප්‍රශ්ණවල පොදු ආකාරයයි. මෙවැනි ප්‍රශ්ණ විසඳෙන්නේ ලැබෙන වාසි අනුව බව ඉතිහාසය පුරා අපට කියාදෙන පාඩමයි. මේ නිසා පීඩාවට පත්වන මිනිස්සුන්ට මේ සඳහා ඇති එකම මග වන්නේ සාමුහික අරගලයක් තුළින් තම ප්‍රශ්ණයට විසඳුම් සොයා ගැනීමයි