හිංසනයෙන් විඳවීමෙන් තොර කම්කරු ජීවිත අයිතිය ගැන හඬ නඟන ‘ශ්‍රමඅභිමානී’

0
82

DSC_0718-1

මෙවර  මානව හිමිකම්  දිනය  පදනම්කර ගනිමින්  දෙසැම්බර්  16 වන  ඉරිදා වලාන  අංක 344/26 ස්ථානයේ වැඩසටහනක්  පවත්වන ලදී. “ හිංසනයෙන් විඳවීමෙන්  තොර කම්කරු  ජීවිතයක්  ,,  මෙහි  තේමා පාඨය  විය.  කම්කරු  අයිතීන්  වෙනුවෙන්   පෙනී සිටින  සංවිධානයක්  වූ   ශ්‍රමඅභිමානී කේන්ද්‍රය  විසින්  සංවිධානය  කරන ලද   මෙම  වැඩසටහන    කම්කරු  කාන්තාවන්    පිරිසකගේ    සහ  මීගමුව,  කඳ සුරිඳු  ගමෙහි  දරුවන් පිරිසකගේ  සහභාගීත්වයෙන්  සිදුවිය.  මෙම  වැඩසටහ‍නේ  ප්‍රධාන  ආරාධිතයා  වූයේ බැංකුසේවක   සංගමයේ  උප  ස භාපති   කේසර  කෝට්ටෙගොඩ  මහතාය.  ජීවත්වීමේ  අයිතිය කම්කරුවන්ගෙන්  උදුරා  ගෙන  ඇති  ආකාරය  පැහැදිළි  කළ  එම  කථාවෙන්  පසු  ආරම්භවූ  විවෘත සාකච්ඡාව සරත් ඉද්දමල්ගොඩ  පියතුමා  විසින්  මෙහෙයවන  ලදී.

කඳසුරිඳුගම   පවතින  තත්වය  පිළිබඳව  ක්‍රිස්ටීන්  කන්‍යා  සොයුරිය  ප්‍රකාශ කළේ  මෙවන්  අදහසකි.

කඳ සුරිඳුගම  කියන්නෙ  මත් කුඩු  සහ  පෙති  වලින්  පිරුණු  ගමක්.  මේ  ගමේ  දරුවන්  මේ  තත්වයන්ගෙන්  මුදා  ගැනීමේ  උත්සාහයේ  ප්‍රතිඵලයක්  ලෙස  දරුවන්  67  දෙනෙකු  ඉන්  මුදා  ගැනීමට  අපට  හැකිවුනා.  අදවනවිට  මේ  දරුවන්  අධ්‍යාපනය  ලබමින්  වෙනත්  පොදු  කටයුතු  සඳහා  යොමුවෙමින් ,  පංසලේ ,  පල්ලියේ දේවල්  සඳහා  මැදිහත්  වෙමින්  කටයුතු කිරීමට  පුරුදුවී  සිටිනවා. අපි  ඔවුන්ට  ඔවුන්ගේ  ශක්තියෙන්  නැගී  සිටීම උදෙසා  මග  පෙන්වනවා.

මෙම  වැඩසටහන  සඳහා  සැකසූ  අත්පත්‍රිකාවේ  එක්  තැනක  කම්කරු  කාන්තාවගේ  තත්වය ගැන  පැහැදිළි  කරන්නේ  මෙසේය.  “  කම්කරු  කාන්තාවන්  කලාපය තුළදී  ද්විත්ව පීඩනයකට  බඳුන්කර  අසමානව  සළකමින්,  වැඩිපුර  වැඩ  ගනිමින්,  විවිධාකාරයෙන්  වැඩපල තුලදීත්  ඉන් පිටතදීත්  ප්‍රචන්ඩත්වයන්ට  සහ  හිංසනයන්ට  ලක්කරමින්  කම්කරුවන්ගේ  ගරුත්වය  කෙළසමින්,  ඔවුන්ට  සංවිධානය වීමට ඇති  ඉඩකඩ  අහුරමින්,  ආරක්ෂාව  සෞඛ්‍ය ඇතුළු  අයිතීන්  කිසිවක්  නොදෙමින්  සේවය  පමණක්  මූලික කොටගෙන  වහළුන්සේ  කම්කරුවාට  සළකන මේ අසික්කිත  තත්වය  කම්කරු  ඔබ  වටහා ගතයුතුව  ඇත. එපමණක්  නොව  G S P+  සහනය  ලංකාවට  ලැබුනුවිට  වෙළඳකලාප  කම්කරුවාට  සිතූ පැතූ සම්පත්  පහළවූ  හෙයින්  දේශපාලනඥයින්  තම  කූට  දේශපාලන  අරමුණු  ඉෂ්ඨ  කරගැනීම  උදෙසා  කෑ මොර දුන්නද  එහි වාසියද  කම්කරුවා  සූරාකන  ධනපතියාගේ  මල්ලටම  වැටෙනබවද  කම්කරු  ඔබ  දැනගතයුතුව  ඇත.

එසේම  එහි  අවසාන  වශයෙන්  ඔවුන්  කම්කරුවන්  වෙනුවෙන්  මෙම  ඉල්ලීම්  ඉල්ලා  සිටියි.

*පුද්ගලික  අංශයේ මූලික  අවම  වැටුප  රු.25000/  කරනු.

*කාන්තා  හංසනය  පිටුදකිමු.

*සංවිධානය වීමේ අයිතිය  තහවුරු  කරනු.

*G S P+  ප්‍රතිලාභ  කම්කරුවාට  ලබාදෙනු.

*හිංසනයෙන්  විඳවීමෙන්  තොර  ජීවිතයක්  කම්කරුවන්ට  ලබාදෙනු.

-ශ්‍රම අභිමානී කේනද්‍රය,  අංක7/ 19  ,ජයවර්ධනපුර,  අමන්දොළුව


සැම්සන් ඥානසිරි