…….. ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුතු වයඹ මහ ඇමති කරවීමට රුපියල් ලක්ෂ 3480 ක් වියදම් කොට තිබෙන බව බස්නාහිර පළාත් හිටපු පළාත් සභා ඇමති නිමල් ලාන්සා මහතා ප්‍රකාශ කර තිබේ. ලංකාවේ පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වීමටත් ලක්ෂ 1000ක් පමණ ඕනෑ බවද ඔහු පවසා ඇත.
නිමල් ලාන්සා මහතා ඊයේ තම මැතිවරණ ව්‍යාපාරය පිළිබදව අදහස් පළ කරමින්, මීගමුවේදී තම හිතවත් මාධ්‍යවේදීන් කීප දෙනෙකු සමඟ මෙම අදහස් පළ කර තිබේ.
තමන් ගම්පහින් දෙවන ස්ථානයට පැමිණෙන බවත්, මහ ඇමති ධුරය ප්‍රසන්න රණතුංග මහතාටම හිමි වන බවත් ඔහු පවසා ඇත. හිරුණිකා කොළඹින් දෙවන ස්ථානයට පැමිණෙන බවද ඔහු පවසා තිබේ.
www.lankaherald.com