( 12.15 pm ) මීගමුව මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරිය විසින් ඉතා අගනා ලෙසින් නිමකරන තිබුණ මිගමුව නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවේ නිමකළ යුතුව ඇති පාදමේ වැඩ කටයුතු තවමත් එසේම පවති.
එමෙන්ම මේ දිනවල අප වෙබ් අඩවියට පවා දිනපතා අමතන පිරිස පවා කියා සිටින්නේ ඔරලෝසු කණුවේ වෙලාව පවා දැන් වැඩ නොකරන බවය.එය 10.00 කටුව ලග දැන් දින ගණනාවක් තිස්සේ නැවති ඇති බවය.
අද පෙරුවේ අප ඇමතු අයෙකු කියා සිටියේ හිටපු කොමසාරිස්වරිය අගනා ලෙසින් නිමකරදුන් ඔරලෝසුව කණුව නිසි ලෙසින් නඩත්තු කිරිමට වත්මන් කොමසාරිස්වරිය අකැමති ඇයි කියාය.