හිටපු නගරාධිපති සජබ ට ගියේ නිමල් ලංසා නිසාද?

0
376

මිගමුවේ හිටපු නගරාධිපතිවරයෙක් වන ඇන්ටනි ජයවිර පහුගිය දවසක සජබ වේදිකාවට නැග්ගා.දැන් එයා සජබ.

හැබැයි ජයවිර කියන්නේ නිමල් ලංසාගේ ඉතාමත් විශ්වාස වන්තම මීගමු දේශපාලන බඩියන්ගෙන් එක්කෙනෙක්.

ඒ කාලේ ලංසාලගේ සමහර  විශ්වාසන්තම ගණුදෙනු වලට පවා ගියා කියන්නෙ ජයවිරලුනේ.

හැබැයි ජයවිර සජබට ගොඩවුන එක ගැන මිගමු සජබ දේශපාලකයෝ නම් ඉන්නේ එච්චර කැමැත්තකින් නෙමේලු.

මොකද එයාලට ඇත්තටම ෂුවර් නෑලු ජයවිර කියන්නේ ලංසා එවපු පිල්ලියක්ද කියල? දැන් මේ ගැන ලොකු කසුකුසුවකුත් යනවලු.

මතකනේ එක පළාත් පාලන ඡන්දෙකදි හත්වෙනියටද  කොහෙද මනාප ගත්තු කෙනා වෙච්ච ජයවීරව නිමල් ලංසා මුල්වෙලා නගරාධිපති කරනවනේ.

ඒ කියන්නේ එච්චර හිතේශිවන්තයි කියන එක

ඉතින් මිගමුවේ සජබ කට්ටියගේ සැකයටත් මේ විදියට තමයි සාධාරණ හේතු ඇවිත් තියෙන්නේ.

සජබ මිගමු දේශපාලන පොඩ්ඩෝ අතර ඉන්න වැඩි දෙනෙක් මිගමුවේ වෙන දේවල එසැණින් ලංසාගෙ කණේ තියනව කියන එකත්  ප්‍රසිද්ධ රහසක්නේ.එයාලට ලංසා කවදත් අතදිගහැරල සම්තින් දෙනවනේ.

අනික මිගමුවේ සජබ ආසන සංවිධායක දොස්තර ජයවර්ධනලත් ලංසා පවුලට ඉතාම කිට්ටුයි.ඒකනෙ ලංසා පවුල මිගමුව සූරන් කෑවත් මීක් ගාන්නෙවත් නැනේ.සමහරු කියන්නේ එයාල රාත්‍රි මිත්‍රයෝ කියල.රන්ජන් කියනව වගේ උන් ඔක්කොම යාලුවෝ මල්ලි..

අනික ජනපති වික්‍රමසිංහගෙන් මුදල් ගත්තු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ලයිස්තුවෙත් ජයවර්ධන ඉන්නවනේ.

මෙහෙම බලපුව හිටපු නගරාධිපතිගේ පැනිල්ල ගැන සජබ පොඩ්ඩන්ට තියෙන සැකයත් නිකම්ම අහක දාන්න බැරි එකක් කියල තමයි මිගමු දේශපාලන කව වල නම් කතා වෙන්නේ….