හිටපු පුරපතිගේ මල්වත්ත විනාශ කළ වත්මන් පුරපති !

0
333

flowerමීගමුව මහනගර සභාවේ හිටපු එජාප නගරාධිපතිවරයෙකු වු නික්ලස් ප්‍රනාන්දු මහතා විසින් ඉතා අනර්ඝ ලෙසින් නඩත්තු කරමින් තිබුණ  කුඩා ප්‍රමාණයේ මල්වත්තක් මීගමුව වත්මන් නගරාධිපති මොසෙස් ලංසා විසින් කඩා ඉවත් කර දමා ඇතැයි වාර්තාවේ.
කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි මෙම ආකාර්ශණිය ලෙස මල් වවා තිබුණ කුඩා බිම් කොටස කඩාදැමිම මීගමුව දේශපාලන සමාජය තුල පුළුල් කථාබහකට ලක්ව තිබුණ මාතෘකාවක් විය.
මෙම අමන ක්‍රියාව පිළිබදව පොදුවේ සැමගේ විරෝධය එල්ල වි තිබුණද එජාප මන්ත්‍රිවරුන් මෙයට ක්‍රියාකාරි ලෙසින් විරෝධය පළකිරිමට මුලිකත්වය ගෙන තිබුණ බවක් නොපෙනුණි. විශේෂයෙන් ඒ අවට සිටින මන්ත්‍රිවරුන් පවා මෙම අශෝභන ක්‍රියාවට බරපතල ලෙසින් විරෝධය පළකර තිබුණ බවක් නොපෙනේ.අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගනිමින් සිටින බව මාධ්‍ය සංදර්ශණ මගින් ජනයාව නොමග යවමින් තිබුණද තම සහචරයන්ගේ අනවසර ඉදිකිරිම් තවදුරටත් පරිස්සම් කර දිමට ලංසා පාලනය කටයුතු කරමින් සිටි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් නික්ලස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මේ ගැන විමසා බැලිමට නගරාධිපති මොසෙස් ලංසා ලබන සතියේ පැමිණෙන බවය.
ග්‍රින් පාක් හි ලංසා පවුලෙ අය විසින්ම ඉදිකර දි තිබුණ අනවසර කඩ සියල්ල ඔවුන් විසින්ම කඩා ඉවත් කර තිබුණද එහි වන එක් කඩයක් ඉවත් කිරිමට පියවර ගෙන තිබුනේ නැත.ඊට හේතුව වන්නේ එකි කඩය විවෘත කර ඇත්තේ නිමල් ලංසාගේ වත්මන් දේශපාලන ගුරුවරයා වන බැසිල් රාජපක්ෂ විසින් විවෘත කර තිබිමය.
මේ ආකාරයෙන් තවත් උදාහරණ ගණනාවක් අපට ඉදිරිපත් කිරිමට පුලුවන .