හිටපු විදුහල්පති පියතුමා මවකට පහර දෙයි ??

0
39

fr.leslyපෙබරවාරි 12 වනදා උදේ වරුවේ  මීගමුව – කුරණ ශාන්ත ජූඩ් පුද්ගලික පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් සිය මව සමග පාසලට ගොස් තිබුණේ සිය උසස් පෙළ සඳහා පාසලේ ඇති අඩුපාඩු සම්බන්ධව සාකච්ඡා කර ගැනීමටය.
ඒම කරුණම  සඳහා තවත් ළමුන් 10 දෙනෙකුගේ දෙමාපියන්  ශාන්ත ජූඩ් විදුහලේ නව විදුහල්පතිවරයා හමුවීමට දවල් 12 .00 ට පමණ පාසල වෙත පැමිණ තිබුණි
මෙම සාකච්ඡාව නිමවී  විදුහල්පති කාර්යාලයෙන් පිටතට පැමිණෙන විටම එක් මවක් ඉදිරියට කඩා පැන ඇති හිටපු විදුහල්පති ලෙස්ලි පියතුමා ඇයට බැණ වදිමින්  පොතකින් පහර දුන් බව එම පාසැලේ සිසුවෙකුගේ මවක් මීපුරට පවසා සිටියාය.
ඇය පවසන්නේ පිටුපසට පැණිම නිසා එම පහරින් බේරුණ බවය.
තමාට පහරදීම හා  ප්‍රසිද්ධියේ නින්දා කිරීම සම්බන්ධයෙන් ඇය විසින් මීගමුව පොලීසියට පැමිණිලි අංක- CIB3193/219 යටතේ පැමිණිල්ලක් ද කර ඇත.