හිතවතුන්ට පමණක් එලිය ලැබෙන ලයිට්කනු දේශපාලනය.

0
332

light politics 2(10.00am ) අපි  නගරසභාවට  බදු ගෙවමු. බදුගෙවන   නගරවාසීන්ට  අදාල  සේවාවන්  සැපයීම  සඳහා  ඇති  එකම  ආයතනය  නගරසභාවයි.  ඒනිසා  යනඑනපාර  හදාගැනීම, එම  පාරට  විදුලිය  ලබා ගැනීම,  කානුව  පිරිසිදු කර ගැනීම  මේ  ආදී කුදුමහත්  කටයුතු  පොදුවේ  සෑම පුරවැසියෙකු  සතුවන  පරම  අයිතියකි.  ඒ සඳහා  පක්ෂ  පාට, ජාතිභේද  ආදී  කිසිවක්  සැලකීම  සදාචාරාත්මක  නැත.

නමුත්  මෙකී  කිසිදු  සදාචාරයක්   මීගමු  නගරසභාවේ  පාලන  අධිකාරියට  අදාල  නොවනසේ  කටයුතු  සිදුවීම  ප්‍රදේශයේ  ජනතාවගේ  කනස්සල්ලට  හේතුවක් වී ඇතිබව  පෙනේ.  ඒ බව සනාත වන උදාහරණ  ඕනෑතරම්  මේ  නගරයේ  අසන්නට  දකින්නට  ඇත. මීගමුවේ  පමණක් නොව ඉන් පිටත සිටින  අයටත්  මේ  නගරසභාවෙන් විදුලිය  ලබාදී  ඇති බවද  තොරතුරු  ඇත. උදාහරණයක්  ලෙස නිලධාරියෙකුට එසේ  විදුලි  ආලෝකය  ලබාදී  ඇත්තේ    මිනුවන්ගොඩ  ප්‍රදේශයේ  විශ්‍රාමික  පොලිස් නිලධාරියෙකුටය.

අප මේ දක්වන  පින්තූරය මීගමුව, පෙරියමුල්ල  ප්‍රදේශයේ  කලින්  කීල්ස්  ආයතනය  තිබුනු ස්ථානයට  ආසන්නයේ  අතුරු පාරක  විදුලි  පහන්  කනුවක  විදුලි පහණ  කැඩී  තිබුණු  ආකාරයයි.  අවුරුද්දක  පමණ  කාලයක්  තිස්සේ  මෙම  විදුලි  පහණ  ලබාගැනීම  සදහා   මීගමු  නගරසභාවට  දැනුම්දී  ඇති නමුත්  තවමත්  ඔවුන්ගේ  ඉල්ලීමට  ප්‍රතිචාරයක්  නැත.  මීට  හේතුව  මෙහි  නගරසභාවට  තේරී  පත්වී  ඇත්තේ එ.ජා. ප. නාගරික  මන්ත්‍රිනියක්  නිසාදැයි  අපි  නොදනිමු.  නැතිනම්  මේ  සඳහා  නගරසභාවේ  සේවක  කාරකාදීන්  ඕනෑතරම්  සිටින  බවද  අපි  දනිමු. මේ  දෙයාකාර  සැළකිල්ල  නිසා  පීඩාවට  පත්වන්නේ  මේ  නගරයේම  පුරවැසියන්  බව  බලධාරීන්  සිතට ගතයුතුය.